hirunika-inprisoned

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව අද (28) ප්‍රකාශයට පත්වූ අතර


ඇය වරදකාරිය කර කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙයි.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන ගොස් තිබූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර මෙම නඩුව විභාග විය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ


අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර 2017 මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණි.
වරද පිළිගත් අය පසුව ඇප මත නිදහස් විය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම් අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඔහු අයුතු ලෙස සිරකිරීම, පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්විමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතිපතිවරයාමෙම නඩුව පවරා ඇත. සිද්ධිය වි මාස හතක කාලයක් ඇතුළත නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ අතර පැමිණිල්ල සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනකු සහ
ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කටයුතු කළේය.
2017 වසරේදී හිරුණිකා හැර සෙසු අය මෙහි වරද පිලිගත් අතර හිරුණිකා එම අවස්ථාවේ වරද පිළිගත්තේ නැත.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙවර වරද පිළිගත් පසු කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ අතර තීන්දුව ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකිය.

කෙසේ වෙතත් ඇය සිරගත කෙරෙනු ඇත.