ikman-lk-camera-fraud

කැම­රා­වක් විකි­ණීම සඳහා ‘ඉක්මන් ඩොට් එල් කේ වෙබ් අඩ­වියේ’ පළ කර තිබූ දැන්වී­ම­කට අනුව එම කැම­රාව මිලදී ගැනී­මට සූදා­නම් වූ රූප­වා­හිනී ආය­ත­න­යක කැමරා ශිල්පි­ය­කුගේ රුපි­යල් ලක්ෂ 23ක මුද­ලක් ලබා­ගෙන වංචා කිරීමේ සිද්ධි­ය­කට අදා­ළව කුරු­ඳු­වත්ත පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ තරු­ණි­යක සහ තරු­ණ­යකු එක් අය­කුට රුපි­යල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) නියෝග කළේය.

මෙම සිද්ධි­යට අදාළ ප්‍රධාන සැක­කරු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස ද මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා කුරු­ඳු­වත්ත පොලි­සි­යට නියෝග කළේය.



මෙලෙස ඇප මත මුදා­හ­රිනු ලැබුවේ වල්පිට, වට­වල පදිංචි මාපා හිටි­හා­මි­ලාගේ ගමේ­තැ­න්නේ­ගෙ­දර තරංග නිශ්ශංක සේනා­රත්න සහ සපු­ග­ස්කන්ද මාකොල පදිංචි ගුණ­රත්න මහ විදා­නගේ මධු­ෂිකා සෙව්වන්දි රණ­තුංග යන අය­ව­ළුන්ය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ඳු­වත්ත පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ කැමරා ශිල්පි­යකු වන මීරි­ගම පදිංචි ගස්පේ රාළ­ලාගේ ගයාන් දිසාන්ත යන අය විසිනි.

රුපි­යල් 23ක් වටිනා කැම­රා­වක් විකි­ණීම සඳහා ඉක්මන් ඩොට් එල් කේ වෙබ් අඩ­වියේ දැන්වී­මක් පළ කර තිබූ බවත් එම දැන්වී­මට අනුව කිහිප වතා­වක්ම අදාළ දැන්වීමේ සඳ­හන් පුද්ග­ලයා සමඟ සම්බන්ධ වූ බවත් පැමි­ණිල්ල සඳ­හන් කර ඇතැයි කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.

පසුව අවස්ථා දෙක­කදී පැමි­ණි­ලි­ක­රුගේ බිරි­යගේ බැංකු ගිණු­මෙන් රුපි­යල් ලක්ෂ 23ක මුද­ලක් දැන්වී­ම්කරු සඳ­හන් කළ බැංකු ගිණු­ම­කට යොමු කළ අතර පසුව කැම­රාව මිලදී ගැනීම සඳහා ඔවුන් කියූ ස්ථාන­යට ගිය පසු කිසිඳු පුද්ග­ල­යකු එම ස්ථාන­යට නොපැ­මිණි බවත් දුර­ක­තන අංක ද විසන්ධි කර තිබූ බවත් කිය­මින් පැමි­ණි­ලි­කරු සිය පැමි­ණි­ල්ලෙන් කරුණු ඉදි­රි­පත් කර තිබූ බව කුරු­ඳු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.



මෙම සිද්ධි­යට අදාළ විම­ර්ශන සිදු­කි­රී­මේදී සැක­ක­රුගේ බැංකු ගිණු­මට මුදල් බැරවී තිබූ අතර සැක­කා­රිය විසින් සැක­ක­රුගේ බැංකු ගිණුම් අංකය මෙහි ප්‍රධාන සැක­ක­රුට ලබාදී ඇතැයි කරුණු අනා­ව­ර­ණය වූ බව කුරු­ඳු­වත්ත පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­ක­රු­වන් දෙදෙනා ඥාතීන් වන අතර, මෙහි ප්‍රධාන සැක­කරු සැක­කා­රි­යගේ පැරණි පෙම්ව­තකු බවත් මේ වන විට ඔහු සම්බ­න්ධ­යෙන් තොර­තු­රක් ඇය නොදන්නා බවට ප්‍රකාශ කර තිබූ බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය අදාළ ප්‍රධාන සැක­කරු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට මහේ­ස්ත්‍රා­ත්ව­රයා පොලි­සි­යට නියෝග කර­මින් සැක­ක­රු­වන් දෙදෙ­නාට ඇප නියම කළේය.

(නිමන්ති රණ­සිංහ)