india-beat-pakistan

මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ විශේෂ අවධානයක් දිනාගත්  ඉන්දියාව හා පකිස්ථානය අතර තරගය ලකුණු හයකින් ජය ගැනීමට ඉන්දියාව  සමත් විය.



ඉන්දියාව මෙම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 119කි.
එය විශාල ඉලක්කයක් ලෙස ‍සලකන්නේ නැතිව වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉතා සාර්ථකව ඒ වෙත පකිස්තාන පිතිකරුවන් ළඟාවූ නමුත්
සාර්ථක පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර විස්ස තුළ පකිස්ථාන කණ්ඩායමේ කඩලු හතක් ලකුණු 113කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. බුම්රා මෙහිදී කැපී පෙනිණි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති මෙම තරගයේ වීරයා සම්මානය ලකුණු 14කට කඩුළු 3ක් දවාගත් ජස්ප්‍රිට් බූම්රාට හිමිවිය.
මෙම ජයග්‍රහණයත් සමඟ ඒ කාණ්ඩයේ පෙරමුණට ඒමට ඉන්දියාව සමත් වූ අතර අමෙරිකාව එහි දෙවැනි ස්ථානය දරයි.