india-select-finals-over-england


විස්සයි20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ (27) පැවැත්වූයේ එංගලන්තය සහ ඉන්දියාව අතරය.
එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.
තරගයට වරින්වර වර්ෂා බාධා ඇති වුවත් තරගය සම්පූර්ණ වශයෙන් පැවැත්වීමට හැකිවිය. පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව වේගයෙන් ලකුණු රැස් කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කරන්නට සමත්විය.

රෝහිත් ෂර්මා 57 ක් හා සූර්යකුමාර් යාදෙව් 47 ක් රැස් කරගන්නා ලදි.
තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 172කි.නමුත් පටෙල් හා යාදෙව්ගේ පන්දු යැවීම් හමුවේ එංගලන්ත පිල අසරණ විය. කඩුළු වැටීම් වැඩිවීම නිසා අවශය ලකුණු රැස්කරගන්නට බැරි විය. ඕවර 16.3 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 103 ක් පමණි. ඉන්දියාව ජයගත් අතර
ඒ අනුව අවසන් මහ තරගය සදහා ඉන්දියාව තේරී පත්විය.
ලබන 29 වනදා දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර විස්සයි20 ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.