indunil-jayawardane-mystery-death

මෝදර ලෙල්ලමේ තිබී අද (5) හමුවූ පුද්ගල මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්වූ පුද්ගලයෙකුගේ බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදී ඉඳුනිල් ජයවර්ධන මහතා දින දෙකක් තිස්සේ පමණ නිවසින් අතුරුදන් වී සිටි බව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබියදී මෙම සිරුර හමුව තිබූ අතර ඔහුගේ පවුලේ අය සිරුර ඔහුගේ බවට හඳුනාගෙන තිබේ.



මාධ්‍යවේදී ඉඳුනිල් ජයවර්ධන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන්නෙකි. මින් ඉහත ලක්බිම, ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනවලට සේවය කර තිබේ.

ඔහුගේ මරණය කෙසේ සිදුවීද යන්න තවම ප්‍රශ්නකාරීය.
පොලීසිය පවසන්නේ මෝදර ලෙල්ලමේ තිබී හමුවූ පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.