iran-woman-abused-sri-lanka

ඉරාන ජාතික කාන්තා­ව­කට රඹු­ක්කන ප්‍රදේ­ශයේ ආයු­ර්වේද ආය­ත­න­යක සේවය කරන පුද්ග­ල­යකු විසින් කළා යැයි කියන ලිංගික අත­ව­ර­යක් සම්බ­න්ධ­යෙන් කෑගල්ල පොලිස් ස්ථානය විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.





මේ ඉරාන ජාතික කාන්තාව පසු­ගිය සතියේ මෙරට සංචා­ර­ය­කට පැමිණ ඇති අතර, ඇය විසින් විවිධ ප්‍රදේ­ශ­වල සංචා­රය කර­මින් සිටින අත­ර­තුර මේ රඹු­ක්කන ප්‍රදේ­ශයේ පිහිටි ආයු­ර්වේද පංච­කර්ම මධ්‍ය­ස්ථා­න­යට 7 දා ගොස් ඇත. ඒ අව­ස්ථාවේ ඇයට ප්‍රති­කර්ම කරන අත­ර­තුර සැක­කාර පුද්ග­ලයා විවිධ ලිංගික අත­වර කළ බවට ඇය පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ. ඒ අනුව එහි සේවය කළ අවු­රුදු 47ක පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන ඊයේ (9) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බව පොලි­සිය පව­සයි.

(රක්ෂණ ශ්‍රියන්ත)