ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ හරහා මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.
‘“ස්ට්‍රෙප්ටොකොකල් ටොක්සික් ෂෝක්සින්ඩ්රොම්'' ලෙස හඳුන්වන මාරාන්තික දුර්ලභ ගණයේ බැක්ටීරියා ආසාදනයක් මේ දිනවල ජපානය පුරා වේගයෙන් පැතිර යමින් පවතී. මාංශපේශි දියකරමින් පැතිර යන බැක්ටීරියා ආසාදිතයන් දහසක් පමණ මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ජපන් සෞඛ්‍ය අංශ පවසයි.
උගුර තුවාල වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපණ වීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය සහ අතපය වේදනාව මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබේ. මෙම බැක්ටීරියාව ශරීරයට දරුණු ලෙස ආසාදනය වුව හොත් පැය 48 ක් තුළ මරණයට පත්විය හැකි බවත් එරට සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි. නිතර දෑත් සෝදා පිරිසුදුව තබා ගැනීමෙන්, කිවිසුම් සහ කැස්ස ඇතිවන විට නාසය සහ මුඛය ආවරණය කර ගැනීමෙන් බැක්ටීරියාවෙන් ආරක්ෂා විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.
නිමල කොඩිතුවක්කු
0 Comments