johnston-sathosa

 හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආහාර, සමු­ප­කාර හා අභ්‍ය­න්තර වෙළෙඳ ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ රාජ­කාරි කට­යු­තු­ව­ලින් බැහැ­රව දේශ­පා­ලන හා පෞද්ග­ලික කට­යුතු සඳහා සතොස සේව­ක­යන් 39 දෙනකු යොදා ගැනී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර පවරා තිබූ නඩු­වක් විභා­ග­යට ගැනී­මට එරෙ­හිව

විත්තිය මතු කළ මූලික විරෝ­ධ­තාව ප්‍රති­ක්ෂේප කළ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා නඩුව විභාග කිරී­මට ඊයේ (10) නියෝග කළේය.

විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා ගොනු කළ අධි­චෝ­දනා පත්‍රයේ අයථා ගෙවීම් කළ තැනැ­ත්තන් 39 දෙනකු ගැන සඳ­හන් වුවද ඔවුන්ගේ නම් හෝ කළ ගෙවීම් පිළි­බඳ චෝදනා පත්‍රයේ හෝ නඩු භාණ්ඩ ලේඛ­නයේ සඳ­හන්ව නොති­බීම ගැන මූලික විරෝ­ධ­තා­වක් මතු කරන ලදී.

අදාළ තොර­තුරු නඩුව සමඟ ඉදි­රි­පත් කළ දෘඪ තැටි­යක් මඟින් විත්ති­යට දී ඇති බව පැමි­ණිල්ල කියා සිටින ලදී. එහි ලිඛිත පිට­ප­තක් වහාම පැමි­ණි­ල්ලට දීමට නියෝග කළ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා නඩුව පවත්වා ගෙන යෑමට නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් කට­යුතු කළ 2010 - 2015 දක්වා කාලය තුළදී සතොස ආය­ත­නයේ සේව­ක­යන් ඔවුන්ගේ නිල රාජ­කා­රි­ව­ලින් ඉවත් කර එම ආය­තන මඟින් වැටුප් ගෙව­මින් දේශ­පා­ලන කට­යු­තු­වල යෙද­වීම හරහා රජ­යට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය යටතේ දූෂ­ණය යන වර­දට නඩු පැව­රීම සිදුව ඇත.



සතොස හිටපු සභා­පති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන මොහො­මඩ් සාකීර් නඩුවේ සෙසු විත්ති­ක­රු­වන් වේ. නඩුව මීට පෙර කැඳ­වනු ලැබූ අව­ස්ථා­වේදී විත්ති පාර්ශ්වයේ නීති­ඥ­ව­රුන් මූලික විරෝ­ධ­තා­ව­යක් මතු කර­මින් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නඩු පැව­රීම සඳහා අල්ලස් කොමි­සමේ කොම­සා­රි­ස්වරු තිදෙ­නාම අත්සන් කොට නොමැති හෙයින් නඩුව පවරා පව­ත්වා­ගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශ්ව­යෙන් මූලික විරෝ­ධ­තා­ව­යක් මතු කළේය.

විත්ති­ක­රු­වන්ට එරෙහි අධි­චෝ­දනා 4ක් නීති­ප­ති­ව­රයා විසින් ගොනු­කර තිබේ. මින් පෙර නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ ඒවා කියවා උත්ත­ර­වාද විම­සන ලදී. එහිදී විත්ති­ක­රු­වන් චෝද­නා­වන්ට නිවැ­ර­දි­ක­රු­වන් බව කියා සිටින ලදී. (චන්දන ජය­වීර)