maithripala-jude-sramantha

 රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.



 එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.



ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙම සමාව ප්‍රදානය කළ අතර එය කිසියම් ගනුදෙනුවක් මත අතුරලියේ රතන හිමි හා මෛත්‍රිපාල සිරිසේන එක්වී ලබාදුන් සමාවක් ලෙස පසුගිය කාලයේ විවේචන පැනනැගුණි.


ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තා උසස් අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය තරුණයෙකු බව පවසමින් නිකරුනේ සිරදඩුවම් විඳින බවත් පවසමින් හිටපු ජනපතිවරයා සමාව ලබාදුන් අතර ඔහු ඉන් පසු රටින් පිටවී අතුරුදන් විය. ජූඩ් ශමන්ත ඉහළ පෙළේ ධනවත් පවුලකින් පැවත එන පුද්ගලයෙකු වූ නිසා මුදල් ගනුදෙනුවක් නිසා සමාව ලබාදී ඇති බවට සැක පැනනැගුණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජූඩ් ශ‍්‍රමන්ත ජයමහ මහතාට ලබාදුන් සමාවට එරෙහිව ‘කාන්තා සහ මාධ්‍ය සාමූහික’ සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ අනුව ජයගත්තේය.