1 pm update
අද (2) දවල් 12.30 ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ජලමාපාංක දත්ත අනුව අධික වර්ෂාපතනය නිසා කැලණි, කළු නිල්වලා සහ ගිං ගංගා පිටාර ගලා ඇති අතරම කළු ගඟ ගිං ගඟ හා නිල්වලා ගඟ ස්ථාන තුනකදී 'මහා ගංවතුර' ලෙස හඳුන්වන මට්ටම පසුකර ඇත. ගිංගග මහ ගංවතුර පෙන්නුම් කරන්නේ තවලම ප්‍රදේශයෙනි. මෙම වාර්තාව අනුව නිල්වලා ගගේ අනතුරුදායක තත්වය උදේට සාපේක්ෂව පහව යමින් පවතී.
එම වාර්තාව පහතින්
 



10 am update
අද (2) උදෑසන 9.30 ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ජලමාපාංක දත්ත අනුව අධික වර්ෂාපතනය නිසා කැලණි, කළු නිල්වලා සහ ගිං ගංගා පිටාර ගලා ඇති අතරම කළු ගඟ හා නිල්වලා ගඟ ස්ථාන දෙකකදී 'මහා ගංවතුර' ලෙස හඳුන්වන මට්ටම පසුකර ඇත.
කළු ගංගාවේ කුඩා ගඟ ඔස්සේ සටහන් තබන කලවෙල්ලාව (මිල්ලකන්ද) මාපාංකය මහා ගංවතුර මට්ටම පසුකර ඇති අතර නිල්වලා ගංගාවේ පිටබැද්දර මාපාංකයද 'මහා ගංවතුර' ලෙස හඳුන්වන මට්ටම පසුකර ඇත.
මීට අමතරව සුළු ගංවතුර ලෙස හඳුන්වන මට්ටමේ පසුවන බවට කැලණි ගගෙහි හංවැල්ල කොටස,කළු ගගේ ඇල්ලගාව,රත්නපුර හා මගුර කොටස්ද, ගිංගගේ බද්දෙගම හා තවලම කොටස්ද, නිල්වලා ගගේ තල්ගහගොඩ හා පනාදුගමද නම් කර ඇත.