
කළුතර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පියෙකු මියගොස් ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කළුතර, නාගොඩ, සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටි සඳුන් අරවින්ද නැමැති 46 හැවිරිදි පියාය.
චීන ජාතිකයින් සමඟ බේරුවල සිට කළුතර දක්වා ධාවනය වූ මෝටර් රථයක් පියා සහ පුතු මාර්ගයේ පදික මාරුවක් හරහා යාමේදී මෙම අනතුර සිදු කර තිබේ.
චීන ජාතිකයින් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
සැකකාර චීන ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval