kalutara-incident

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ අළු­ත්ගම කඳ­වුරේ නිල­ධා­රීන් ඉකුත් 12 වැනිදා රාත්‍රි කළු­තර සිරි­කු­රුස වට­ර­වුම අසල කළ මෙහෙ­යු­ම­කදී අයිස් මත්ද්‍රව්‍ය සන්ත­කයේ තබා­ගෙන සිටි සහ ප්‍රවා­හ­නය කර­මින් සිටි කළු­තර ශ්‍රී ලංකා පොලිස් විද්‍යා­ලයේ අර­ක්කැ­මි­යෙකු සහ තවත් පුද්ග­ල­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.



පොලිස් විශේෂ කාර්ය බළ­කායේ අළු­ත්ගම කඳ­වුරේ අණ දෙන නිල­ධාරි පොලිස් පරී­ක්ෂක ජේ.ඩී.ඩබ්ලිව්.එස්. ජය­කොඩි මහ­තාට ලැබුණු තොර­තු­රක් මත මෙම වැට­ලීම සිදු කර තිබුණි.

මෙහිදි කළු­තර විලේ­ගොඩ පදිංචි පොලිස් විද්‍යා­ලයේ අර­ක්කැ­මි­යෙකු වන 25 හැවි­රිදි අය සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 21යි, මිලි­ග්‍රෑම් 525 ක්ද ,කළු­තර පන්විල පදිංචි 'පන්විල සුරංග' යන අන්වර්ථ නාම­යෙන් හැඳි­න්වෙන අය සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 8164 ක්ද පොලි­සිය භාර­යට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් සහ මත්ද්‍රව්‍ය දකුණු කළු­තර පොලි­සි­යට භාර දී ඇති අතර මෙම සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

කළු­තර මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රුවන් විජේ­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.
(සුනිල් ස්ටැන්ලි)