kalutara-holaman-mandira-incident

කළු­තර පැල්පොළ තොටු­පළ පාරේ පොසොන් උත්ස­වය නිමි­ත්තෙන් පව­ත්වන ලද හොල්මන් මන්දි­ර­ය­කට බීම­තින් ඇතු­ළුවූ පුද්ග­ල­යන් තිදෙ­නෙකු එහි යක්ෂ­යෙකු ලෙසින් පෙනී සිටි 13 හැවි­රිදි පාසල් සිසු­වෙ­කුට රෝහ­ල්ගත වෙන්නම පහ­ර­දුන් පුව­තක් වාර්තාවේ.



කළු­තර උතුර පැල්පොළ තොටු­පළ පාරේ පදිංචි ඒ.ඩී. සිතුම් ලක්මිණ නමැති පාසල් සිසු­වෙකු මෙලෙස පහ­රකා රෝහ­ල්ගත කර ඇති බව කළු­තර ශික්ෂණ රෝහලේ ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය. ප්‍රදේ­ශයේ කුඩා ළමුන් පිරි­සක් එක්ව කාල­යක පටන් වෙහෙස මහ­න්සිවී හොල්මන් මන්දි­රය සකස් කර පොසොන් දින කිහි­පය තුළ දී පවත්වා තිබේ. එහි තුන්වන දින රාත්‍රි ප්‍රද­ර්ශ­නය කරන අව­ස්ථාවේ බීම­තින් පැමිණි තිදෙ­නෙකු භූත ගුහා­වට ඇතු­ළුවී ඇති බව වාර්තාවේ.



පහ­රකා රෝහ­ල්ගත කර සිටින ළමයා යක්ෂ­යෙකු ලෙසින් ඔවුන් ඉදි­රි­යට කඩා­පැන ඇති අතර, යකාට බියවූ බීමත් පුද්ගලයින් එහිදී උර­ණවූ බවත් තිදෙනාම යක්ෂ­යාගේ බෙල්ලෙන් අල්ලා පහ­රදී ඇති බව සඳ­හන් වේ.
පහරකෑ යක්ෂයා බිම වැටුණ පසු සංවිධානය කළ අනෙක් අය ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.
කළු­තර උතුර පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

( පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක)