kanchana-electric-charges-down

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට හෝ සඳුදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) ඉදිරිපත් කරන අතර, එම ගාස්තු සංශෝධනය ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය.




ඒකක 0 ත් 30 ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2 කින් අඩුකර ගාස්තුව 8 සිට 6ට අඩුවේ
 ඒකක 30 සහ 60 අතර කාණ්ඩය  රු. 11 ක් අඩුවන අතරරු. 20 සිට රු. 9 ට අඩුවේ.
ඒකක 60 ත් 90 ත් අතර කාණ්ඩය රු. 12 ක් අඩුවන අතරරු. 30 සිට රු. 18 ට අඩුවේ.
ඒකක 90 ත් ඒකක 120 ත් අතර රුපියල් 20 කින් අඩුකර රු. 50 සිට රු. 30 දක්වා අඩුකර ගණනය කරයි.
ඒකක 120ට වැඩි අගයන් අඩු කිරීමක් ගැන ඇමතිවරයා සඳහන් කරේ නැත.

විදුලි පාරිභෝගිකයින්ට ගාස්තු සම්බන්ධයෙන් වැඩි සහනයක් ලබාදිය යුතු බවට මහජන උපයෝගිතා කොමිසම යෝජනා කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට ලංවිම සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.