kanthale-kohomba-liquid

කන්තලේ නිවසක ගෙවත්තේ ඇති කොහොඹ ගසකින් කිරි දියර වහනය වීමට පටන් ගැනීමත් ඒ දියරය පානයක් ලෙස බීමට හැකිවීමත් නිසා විස්මයට පත් ප්‍රදේශ වාසීන් එය නරඹන්නට එන බව වාර්තාවේ.
ත්‍රීකුණාමලය කන්තලේ ඩෝසර් පාරේ ගෙවත්තක පිහිට‍ා ඇති බව පැවසෙන මෙම ගසින් පසුගිය 09 වැනිදා සිට මේ දියරය පිටවෙන්නට පටන්ගෙන ඇති බව වාර්තාවිය.


ගෙවත්තේ හිමිකරු අජිත් ප්‍රේමසිරි නව නිවසක් ඉදිකිරීමට අත්තිවාරම කැපීමට පටන් ගත් දිනයේ මෙම විස්මය අත්විඳ ඇත.
නව නි‍ෙවසක් ඉදිකිරීමට අත්තිවාරම කැපීම ආරම්භ කළ දිනයේ තමා විසින් අවට ඇති අතු රිකිලි කපා හෙළි පෙහෙළි කරන අවස්ථාවේ මෙම ගසෙන් සුදු පාට දියරයක් ගලා එනු දැක්ක බවත් මී පැණි වැනි සුවඳක් වහනය වන බැවින් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කටේ ගෑවිට මිහිරි රසයක් දැනුණ බවත් අජිත් මහතා පවසා සිටියේය.


එහි එන සියල්ලෝම එහි රස තොලගාමින් සිටිති.
අතු ඉවත් කිරීමේදී ගසෙන් සුදු පැහැති දියරයක් පිට වූ බව ගෙවත්තේ හිමිකරු අජිත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ වෙනස සිදුවන්නේ තමාගේ වාසනාවටද අවාසනාවටද යන්න තමන්ට ප්‍රශ්නයක් බවත් අජිත් ප්‍රේමසිරි පවසා තිබේ.
විද්‍යාත්මකව, මෙවැනි ද්‍රව විසර්ජනයක් කොහොඹ ගස්වලින් සිදුවීම පැහැදිලි කරගත යුතුව තිබේ.