katunayake-incident

අතුරුදන් වූ මවක සහ දියණිය සොයා ගැනීමට සහය වන්නැයි කටුනායක පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
26 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 4 හැවිරිදි දියණිය අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.



ඔවුන් දෙදෙනාම පසුගිය 29 වැනිදා සිට අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

අතුරුදන් වූ කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයන් පිළිබඳ තොරතුරක් වෙතොත් කටුනායක පොලිස් ස්ථානය 071 8591639 හෝ 011 2252222 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.