katunayake-incident

ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයේ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.



පොලිසිය සඳහන් කළේ, හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් දියමන්ති අල්ලන ලද මුදු දෙකක්, රන්මාලයක්, රන් මුදුවක්, අත් ඔරලෝසුවක්, පෙන්ඩනයක්, ඇතුළු රුපියල් ලක්ෂ 11ට අධික භාණ්ඩ සැකකරුවන් විසින් සොරා ගෙන ඇති බවයි.

පැමිණිලිකාර ශ්‍රී ලාංකිකයා සහ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා එකම ගුවන් යානයෙන් අබුඩාබි සිට ඉකුත් 23 වැනිදා අලුයම මෙරටට පැමිණ ඇති අතර, යානයේ අංක 9 දරන අසුනට උඩ ගමන් මලු රඳවනයෙහි පැමිණිලිකරු මෙම භාණ්ඩ බෑගය තබා ඇති බව පොලිසිය පවසයි.



ශ්‍රී ලංකාවට පැමිණි මගියා සිය ගමන් බෑගේ පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබූ භාණ්ඩ නොමැති බවට කර තිබූ පැමිණිල්ලකට අනුව, සියලු මඟීන් පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකාර චීන ජාතිකයන් දෙදෙනා සතුව තිබේ මෙම භාණ්ඩ සොයාගෙන තිබෙයි.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් වයස අවුරුදු 36 සහ 31 යන වයස්වල පසු වන්නන් බවයි.