kegalle-incident

දෙවන බිරිය හා ඇගේ පළමු විවා­හයේ දිය­ණිය විසින් එල්ල­කළ ඇසිඩ් ප්‍රහා­ර­ය­කින් පිළි­ස්සුම් තුවාල ලැබූ පුද්ග­ල­යකු කෑගල්ල මහ රෝහ­ලට පෙරේදා 18 පෙර­ව­රුවේ ඇතුළු කර ඇතැයි බුල­ත්කො­හු­පි­ටිය පොලි­සිය පැව­සීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 05 වාට්ටුවේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටින්නේ අංක 3සී මල්වාන කොටස, ගැටි­ය­මුල්ල බුල­ත්කො­හු­පි­ටිය ලිපි­නයේ පදිං­චිව සිටින 59 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන තුවා­ල­කරු පළමු විවා­හ­යෙන් වෙන් වී යළි දෙවැනි වතා­වට උදු­ගොඩ 10 කණුව ප්‍රදේ­ශයේ විවාහ පහක් සිදු කර ගත් කාන්තා­වක සමඟ දෙවැනි වරට විවාහ වී ඇති බව පොලි­සිය පැව­සීය. දෙවැනි බිරිය සමඟ මෙම පුද්ග­ලයා ජීවත්ව ඇත්තේ

මල්වාන කොටසේ ඇති ඔහුට අයත් නිව­ස­කය. ඔවුන්ට පිරිමි දරු­ව­කුද සිටින බව පොලි­සිය පැව­සීය.



දෙවැනි විව­හාක බිරිය අනි­යම් සම්බ­න්ධ­තා­ව­යක් පව­ත්වන බවට ලද තොර­තු­ර­කට අනුව මීට දින කිහි­ප­ය­කට ඉහ­තදී ඒ බව මෙම පුද්ග­ලයා බිරි­ය­ගෙන් විමසා ඇති බව පොලි­සිය කියයි. එහිදී දෙදෙනා අතර ඇති­වූයේ යැයි කියන බහින් බස් වීම­කින් පසුව දෙවැනි විව­ාහක බිරිය ඇගේ පළමු විවා­හයේ දිය­ණිය සමඟ එක්ව පෙරේදා (18) ඇසිඩ් ප්‍රහා­රය එල්ල­කර ඇති බවද පොලී­සිය සඳ­හන් කළේය.

ඇසිඩ් ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ මෙම පුද්ග­ල­යාව අස­ල්වැ­සි­යන් විසින් කබ­ග­මුව ග්‍රාමීය රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසුව වැඩි­දු­ර­ටත් ප්‍රති­කාර සඳහා ගිලන් රථ­ය­කින් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවත් පොලි­සිය පැව­සීය.

තුවා­ල­ක­රුගේ මුහුණ කොන්ද පාද දෙකේ පිළි­ස්සුම් තුවා­ල­ව­ලට ප්‍රති­කාර කර ඇති බවත් පොලි­සිය පැව­සීය.

දෙවැනි විවා­හක බිරිඳ සහ ඇගේ දිය­ණිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලි­සිය කියයි.
(කෑගල්ල - චමින්ද ජය­ලත්)