kegalle-incident

ගෙවල් බිඳුම් ඇතුළු විවිධ සොර­කම් සම්බ­න්ධ­යෙන් ජීවි­තයේ අවු­රුදු 39ක්ම විටින් විට බන්ධ­නා­ගා­ර­ග­තව සිට නිද­හස් වූ අව­ස්ථා­ව­ලදී යළි යළිත් සිදු­ක­රන ලද සොර­කම් ගණ­නා­ව­කට වරෙන්තු ලබා සිටි පුද්ග­ල­යෙක් දර මඩු­වක සැඟව සිටි­යදී පෙරේදා (06) පොලිසිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය.



මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කෑගල්ල හෙට්ටි­මුල්ල තලේ­වල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 73 හැවි­රිදි තුන්දරු පියෙකි.

අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පුද්ග­ලයා තරු‍ණ කා­ලයේ සිට ගෙවල් බිඳුම් ඇතුළු දේපොළ සොර­කම් කිරීම් සම්බ­න්ධ­යෙන් විටින් විට අත්අ­ඩං­ගු­වට පත්ව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරී ඇති අතර වසර 39ක් විටින් විට බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇත.

2022 වසරේ සැක­කරු නැවත නිව­සට පැමිණ ඇති බව පොලි­සිය පැව­සීය. පසුව යළිත් සොර­කම් කිරීම් කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇප මත මුදා­හැර සිට ඇති අතර ඔහුට එරෙහි නඩු­ව­ලට ඉදි­රි­පත් නොවී­මෙන් වරෙන්තු නිකුත් කර තිබුණි.

පසුව පොලි­සිය සැක­කරු සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කට­යුතු සිදු කර­මින් සිටින අව­ස්ථාවේ දී තලේ­වල ප්‍රදේ­ශයේ නිව­සක දර මඩු­වක දිවි ගෙවන බවට ලද තොර­තු­ර­කට අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙරේදා (06) කෑගල්ල මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක නාලක මාගෙ­ද­ර­ගම මහ­තාගේ උප­දෙස් පරිදි වරෙන්තු අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නිශ්ශංක පොලිස් සැර­යන් සාගර (1379), දුමින්ද (68830) යන නිල­ධා­රින් කණ්ඩා­යම අදාළ තලේ­වල නිවසේ දර මඩු­වට ගොස් තිබුණි. සැක­කරු දර මඩුවේ පැදු­රක් දමා­ගෙන දිවි ගෙව­මින් සිටි බවත් කෑම බීම වයෝ­වෘද්ධ බිරිය විසින් දර මඩු­වට වේල් තුන­ටම ගිහින් දෙන බවත් පොලි­සිය පැව­සීය.



පෙරේදා (06) පොලිස් නිල­ධා­රින් කණ්ඩා­යම දර මඩු­වට යන අව­ස්ථාවේ දී සැක­ක­රුගේ බිරිය කෑම රැගෙන ගොස් සැමි­යාට කෑම කව­මින් සිටි බවත් පොලි­සිය පැව­සීය. කෑම ටික කෑමෙන් පසුව සැක­ක­රුගේ ඉඳුල් අත බිරිය විසින් ප්ලාස්ටික් කෝප්ප­ය­කට සෝදා චීත්ත­යෙන් අත කට පිස දැමූ බවත් පොලි­සිය පැව­සීය. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන රැගෙන ඒමට සුදා­නම් වු අව­ස්ථාවේ දී වයෝ­වෘද්ධ බිරිය කදුළු සල­මින් හඩා වැළ­පෙ­මින් සිටි බවත් පොලි­සිය පැව­සීය. සැක­ක­රුට රාත්‍රි කෑමට කෙසෙල් කොළ­යක කෑම එකක් ද වයෝ­වෘද්ධ බිරිය විසින් ඔතා දුන් බවත් පොලි­සිය පැව­සීය. සැක­කරු කාල­යක් කැලෑ­බද ගල් ගුහා­වල සැඟව සිට ඇති බවත් ගල් ගුහා­ව­ලට වේල් තුනට කෑම රැගෙන යාම නොහැකි වීම හෙතු­වෙන් බිරිය විසින් ගමේ පුද්ග­ල­යෙ­කුගේ දර මඩු­වක සැඟව සිටී­මට අව­ස්ථාව සලසා දී ඇති බවත් පොලි­සිය පැව­සීය. වර්ත­මා­නයේ සොර­කම් කිරී­මට නොහැකි තත්ත්ව­යට සැක­කරු වයෝ­වෘද්ධ වී ඇති බවත් පොලි­සිය පැව­සීය.

සැක­කරු ඊයේ (07) කෑගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

කෑගල්ල  - චමින්ද ජය­ලත්