kegalle-kid-death

කෑගල්ල මාවනැල්ල, මංගලගම ප්‍රදේශයේදී පස් කන්දකට යටවී අවුරුදු 3 ක කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙයි.
 නිවසේ පසුපස ආරක්‍ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා ඊයේ උදෑසන කාණුවක් කපමින් සිටියදී කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ අනතුරුව එහි පැමිණි පිරිස දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර කඩිනමින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙනගිය බවයිත නමුත් දරුවා මියගොස් ඇත.
කෑගල්ල පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.