king-coconut-incident

 තැඹිලි ගෙඩි­ය­කට විෂ මත්ද්‍ර­ව්‍යක් දමා සිහි­සුන් වීමෙන් පසුව ත්‍රිරෝද රථ කරු­වෙ­කුගේ ගෙල­බැදි පවුම් දෙකක් බර රන් මාල­යක් දුර­ක­ත­න­යක් මුදල් පැහැර ගත් සැක­කරු පෙරේදා (16 වැනිදා) කඩු­වෙල දී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යං­ශය පැව­සීය.

පොල්ග­හ­වෙල සිට කුලී ගම­නක් යන මුවා­වෙන් ත්‍රිරෝද කරු කැඳ­වා­ගෙන ගොස් වර­කා­පොළ තුල්හි­රිය විදුලි බල මණ්ඩ­ලය ආස­න්නයේ දී සිහි­සුන් කරවා මෙම කොල්ල­කෑම සිදු­කර තිබුණි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ අංක 90, ලෙතම් වත්ත, දික්ඔය, හැටන් ලිපි­නයේ පදිං­චිව සිටින 46 හැවි­රිදි පුද්ග­ල­යෙකි.



අත්අ­ඩං­ගු­වට ගෙන ඇති පුද්ග­ලයා ඉකුත් මැයි 03 වැනිදා පොල්ග­හ­වෙ­ලට පැමිණ පොල්ග­හ­වෙල නග­රයේ ත්‍රිරෝද රථ ගාල­කට ගොස් ඇති බව පොලි­සිය පැව­සීය. එම ත්‍රිරෝද රථ ගාලේ පොල්ග­හ­වෙල වැල්ලෑව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින ත්‍රිරෝද රථ­ක­රු­ව­කුට වර­කා­පොළ නග­ර­යට කුලී ගම­නක් යාමට අවශ්‍ය බව දන්වා ත්‍රිරෝද රථය වර­කා­පොළ දක්වා ගමන් කර­මින් සිට ඇති බවත් පොලි­සිය පැව­සීය.

අලව්ව පසු කර තුල්හි­රිය විදුලි බල මණ්ඩ­ලය ආස­න්නයේ දී සැක­කරු ත්‍රිරෝද රථ කරුට කියා ඇත්තේ ඉදි­රියේ ඇති තැඹිලි වෙ‍ළෙඳ­සල අසල නතර කරන ලෙසත්ය. පසුව ත්‍රිරෝද රථ හිමි­කරු ත්‍රිරෝද රථය තැඹිලි වෙ‍ෙළ­ඳ­සැල අසල නැව­තී­මෙන් පසුව සැක­කරු ත්‍රිරෝද රථ­යෙන් බැස තැඹිලි වෙ‍ෙළ­ඳ­සැ­ලට ගොස් තැඹිලි ගෙඩි­යක් කපා යමක් තැඹිලි ගෙඩි­යට දමා ත්‍රිරෝද රථ රියැ­දු­රු­ව­ර­යාට දී ඇති බවත් පොලි­සිය පැව­සීය.

පසුව සැක­කරු ද තැඹිලි ගෙඩි­යක් ගෙන බී යළි වර­කා­පොළ දක්වා ත්‍රිරෝද රථ රියැ­දු­රු­ව­රයා යාමට සූදා­නම් වු අව­ස්ථාවේ දී රියැ­දු­රු­ව­රයා සිහි­සුන්ව ත්‍රිරෝද රථයේ වැටී ඇති බවත් පොලි­සිය පැව­සීය.

පසුව සැක­කරු ත්‍රිරෝද රථ­ක­රුගේ ගෙල­බැදි පවුම් දෙකක් බර රුපි­යල් තුන් ලක්ෂ අසු දහ­සක් වටිනා රන් මාලය, රුපි­යල් 15000ක් වටිනා ජංගම දුර­ක­ත­නය මුද­ලින් රුපි­යල් 5500ක් මංකොල්ල කා පලා ගොස් තිබුණි.පසුව ත්‍රිරෝද රථ හිමි­ක­රුට යළි පියවී සිහිය පැමි­ණී­මෙන් පසුව වර­කා­පොළ රෝහ­ලට ඇතු­ළත් වී ප්‍රති­කාර ලබා නි‍ෙව­සට ගොස් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වර­කා­පොළ පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණි.

කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යං­ශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේ­සේ­කර පොලිස් සැර­යන් රොෂාන් (69319) පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන උපුල් (78543), ගිහාන් සම­ර­නා­යක (85316), කසුන් (91060) පොලිස් කොස්තා­පල් රියැ­දුරු මහේෂ් (16054) සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.

සැක­කරු ඊයේ (17) වැනිදා වර­කා­පොළ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.
(කෑගල්ල චමින්ද ජය­ලත්)