kohuwala-flyover

 කාලයක් තිස්සේ වරින්වර ඉදිකිරීම් ඇණහිට නැවත වැඩ අරඹමින් පැවති කොහුවල ගුවන් පාලම මැතිවරණයට පෙර අවසන් කිරීමේ රජයේ සැලැසුම හේතුවෙන් ඉක්මණ් කර ඇති අතර අගොස්තු මස මැද වනවිට නිම කරන්නට අපේක්ෂා කරන බව දැනගන්නට ලැබේ.
අවසන් අදියරේ කටයුතු නිමවනතුරු රථවාහන ගමනා ගමනය සීමා කිරීමට පොලිසිය තීරණය කර ඇති අතර ඒ ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.


"කොහුවල පොලිස් වසමේ කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2024.06.15 වන දින සිට 2024.08.15 වන දින දක්වා දෙමසක කාලයක් තුල සිදුකිරීම හේතුවෙන් එම කාලසීමාව තුලදී මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය පොදු ප්‍රවාහන සේවා සඳහා පමණක් විවෘත වන අතර, සෙසු වාහන සඳහා ගමනාගමනය සීමා කිරිමට කටයුතු කරනු ලබයි. තවද එම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම සිදු නොකරනු ලබයි.
මෙම කාලසිමාව තුල කොහුවල මං සන්ධිය හරහා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන හැකිතාක් විල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී."
නිවේදන පිටපත පහතින්