koththu-rice-price-down

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බවත් ඒ අනුව අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමන බවත්
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


ඒ අනුව බත් පාර්සලයක මිල රුපියල් 25කින් ෆ්‍රයිඩ් රයිස්  මිල රුපියල් 25කින් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කරනු ඇත.
අමතරව මාලුපාන් බිත්තර පාන් ප්‍රේස්ට්‍රී ඇතුළු කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේය.
 ප්ලේන්ටි රු:5 කින් පහළ දමන බවද දන්වා ඇත.
පසුගිය කාලයේ ගෑස් මිල ඉහළ දැමූ පසුව මෙම සංගමය මගින් ඉතා විශාල ගණන් වලින් පෙර කී ආහාර මිල වැඩි කළ නමුත් ඉන් පසු සිදුවූ ගෑස් අඩු කිරීම් වලදී වැඩි වෙනස්කමක් කර තිබුනෙ නැත.