kukul-chaminda-remaned

 කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද සහ අනෙක් කාන්තාවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කර ඇත.

දණ්ඩනීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ පදවිය සංවාරක මහේස්ත්‍රාත් අධිකරණයට කරැණු වාර්තා කර එම දරුවා පරිවාස භාරයට පත් කර තිබේ.

වයස අවුරුදු හතර හමාරක් වයසැති කුඩා දරුවෙකු ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් දැඩි විවේචනයට ලක්වෙමින් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.

එම පහරදීම කළ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනකු පසුව අත්අඩංගුවට ගැනුණි.