kukul-chaminda-story

අවුරුදු හතරහමාරක වයසේ‍ පසුවන ගැහැනු දරුවකුට බත් කවමින් ඉතා අමානුෂික ලෙස පහර දුන් බව කියන 45 හැවිරිදි හැවිරිදි පුද්ගලයකු පුල්මුඩේ, පොම්මල, කුඩාඅසිරිමලේ ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී ඊයේ (5) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි.  පහර කෑමට ලක් වූ දැරිය ද සැකකරු විසින් එම නිවෙසේ සඟවාගෙන සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.මෙම දැරියට අමානුෂික ලෙස පහරදීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ මව ද සිගිත්තියට පහර දෙන අවස්ථාවේ ඒ අසල රැඳී සිටි කාන්තාවක ද, තවත් කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කුකුල් චමින්ද චමින්ද නමින් නමින් හඳින්වෙන සැකකරු එම කාන්තාවගෙන් ණයට මුදල් ලබාගෙන නුදුන් නිසා එම මුදල් ඉල්ලා ගැනීමට නිවෙසට පැමිණ සිටි තැනැත්තියක බව කියති.

සිඟිති දරුවාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කුකුල් චමින්ද නැමැත්තාද, ඔහුගේ අනියම් බිරියන් බව කියන කාන්තාවන් දෙදෙනාද, පුල්මුඩේ නිවෙසේ සඟවාගෙන සිටි පුද්ගලයා ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.මෙම දැරියට පහරදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාම කුකුල් චමින්ද නමින් හැඳින්වෙන පුද්ගලයාගේ අනියම් බිරින්දෑවරුන් බව තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

නිවෙසේ බෝතලයක බහා තිබූ සීනි ස්වල්පයක් ගෙන ඒවා මෙම සිගිති දරුවා කෑම සම්බන්ධයෙන් උරණ වී සීනි හොරා කෑවේ යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයි කියති. කුකුල් චමින්ද නමැත්තා පහරදීම් සිදු කර ඇත්තේ ඔහු අනියම් බිරිඳක වශයෙන් සිටි කාන්තාවකගේ කලින් විවාහයේ දැරියකට බව ද අනාවරණය වී යැයි පොලිසිය කියයි.

දැරියට පහර දෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ සැකකරුගේ අවුරුදු විසිහයක් වයස පුතෙකු විසින් යැයි පොලිසිය සඳහන් කරයි.ම

ෙම සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකගේ සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකගේ ද සහාය ඇතිව සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹලගම මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පහර කෑම්වලට ලක් වූ අවුරුදු හතරහමාරක් වූ දැරියගෙන් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ප්‍රශ්න කළ අවස්ථාවේ මාමා මීට පෙර අවස්ථාවලදී ද තමන්ට පහර දී ඇති බව ප්‍රකාශ කර ඇතැයි කියති.මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා කැබිතිගොල්ලෑව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළ බව වැලිඔය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කුකුල් චමින්ද නමැත්තා මොනරාගල, බිබිල හමාපොළ ප්‍රදේශයේ සිට වැලිඔය ප්‍රදේශයට පැමිණ ඇති අතර මීට වසර 15කට පමණ ඉහතදී ඔහු නීත්‍යානුකූල බිරිඳ අතහැර දමා වැලිඔය ප්‍රදේශයට පැමිණ ඇතැයි කියයි. කුකුල් චමින්ද නමැත්තාගේ අනියම් බිරින්දෑවරුන් බව කියන දෙදෙනාගෙන් එක් තැනැත්තියක ගැබිනියක බව ද පොලිසියට හෙළි වී ඇත.අත්අඩංගුවට ගැනුණ සැකකරුවෝ සහ සැකකාරියෝ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 19 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ගයාන් සූරියආරච්චි