kuwait-fire

කුවේටයේ විදේශ ශ්‍රමිකයින් වාසය කරන නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් 41 දෙනෙක් මිය ගිය බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කුවේටයේ විදේශික ශ්‍රමිකයින් බහුල ප්‍රදේශයක් වන දකුණු මන්ගාෆ් දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලක මෙම  ගින්න හටගෙන තිබේ.

ගොඩනැගිල්ලේ මිනිසුන් 160 ක් ජීවත් වූ අතර සමහරු පැන යාමට පස්වන මහලෙන් පැන මිය ගියහ.


“ගින්න ඇති වූ ගොඩනැගිල්ල කම්කරුවන් සඳහා භාවිතා කරන ලද්දක් වූ අතර එහි විශාල කම්කරුවන් පිරිසක් සිටි බවත් සියගණනක් බේරා ගත් නමුත් අවාසනාවන්ත ලෙස ගින්නෙන් දුම ආශ්වාස කිරීම හේතුවෙන් බොහෝ මරණ සිදුව ඇති බව ”ජ්‍යේෂ්ඨ පොලිස් අණ දෙන නිලධාරියෙක් රාජ්‍ය රූපවාහිනියට පැවසීය.
දකුණු මන්ගාෆ් දිස්ත්‍රික්කයේ බදාදා අලුයම ඇති වූ ගින්න නිසා සියගණනක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රදේශය විදේශීය ශ්‍රමිකයන්ගෙන් අධික ලෙස ජනාකීර්ණ වන නමුත්, මියගිය අයගේ ජාතිකත්වය පිළිබඳ ක්ෂණික තොරතුරු ප්‍රසිද්ධ කර තිබුනේ නැත. නමුත් ඇතැම් තහවුරු නොකළ වාර්තා සඳහන් කරන්නේ වැඩි පිරිසක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත වැසියන් බවයි.
නියෝජ්‍ය අගමැති Sheikh Fahad al-Yousuf al-Sabah එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
"අවාසනාවකට මෙන්, දේපළ වෙළඳාම් හිමියන්ගේ කෑදරකම මෙම අවාසනාවන්ත මරණ වලට හේතුවුණා" යනුවෙන් නියෝජ්‍ය අගමැති මති ෂීක් ෆාහාඩ් පැවසීය.
ගින්න පාලනය කර ඇති බවත්, එයට හේතුව කුමක්දැයි සොයා බලන බවත් බලධාරීහු පවසති.