lalith-kothalawala-death-heart-attack

සෙලින්කෝ සමූහ ව්‍යාපා­රයේ හිටපු සභා­පති ලලිත් කොත­ලා­වල මහ­තාගේ මර­ණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් සිදු වූ හදිසි මර­ණ­යක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සිංහ මහතා, ඒ අනුව ලලිත් කොත­ලා­වල මහ­තාගේ මරණ සහ­ති­කය ඔහුගේ ඥාතීන් වෙත භාර දෙන ලෙස අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියෝ­ග­යක් නිකුත් කළේය.



ලලිත් කොත­ලා­වල මහ­තාගේ මර­ණ­යට හේතුව සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය නිකුත් කළේ අධි­ක­රණ වෛද්‍ය රාජ­පක්ෂ මහතා විසින් ඉකුත් 22 දා අධි­ක­ර­ණ­යට භාර දෙනු ලැබූ කොත­ලා­වල මහ­තාගේ මරණ පරී­ක්ෂණ වාර්තාව, රජයේ රස පරී­ක්ෂක වාර්තාව සහ සාක්ෂි­ක­රු­වන්ගේ ගත් සාක්ෂි සැල­කි­ල්ලට ගනි­මිනි. කොත­ලා­වල මහ­තාගේ මර­ණය සැක සහිත බවට ඔහුගේ බිරි­යගේ සහෝ­ද­රිය වන ෂෙරින් පේෂන් විජේ­රත්න යන අය බම්බ­ල­පි­ටිය පොලි­සි­යට කළ පැමි­ණි­ල්ල­කට අනුව මේ නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳ­විණි.

ලලිත් කොත­ලා­වල මහ­තාගේ මරණ පරී­ක්ෂ­ණ­යට අදා­ළව ඔහුගේ බිරි­යගේ සහෝ­ද­රිය වන ෂෙරින් පේෂන් විජේ­රත්න,

ඔහු යටතේ සේවය කළ සේවක සේවි­කා­වන් කිහිප දෙනකු ඇතුළු අට දෙනෙක් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දුන්හ.

මෙරට ප්‍රකට ව්‍යාපා­රි­ක­යකු වූ දේශ­මාන්‍ය ආචාර්ය ලලිත් භූපේන්ද්‍ර කොත­ලා­වල මහතා අභා­ව­ප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝ­ම්බර් 21 දාය. කොළඹ පෞද්ග­ලික රෝහ­ලක ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඒ මහතා මිය­ගිය අතර, ඒ වන විට ඔහු 84 වියෙහි පසු වූ බව පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණි.
(නිමන්ති රණසිංහ)