licence-thief

නිවාස කොල්ල­කෑම් ගණ­නා­ව­කට සම්බන්ධ සැක­ක­රු­වකු පෙරේදා (06දා) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුළ මාර්ග­යක සැක­ක­ට­යුතු ලෙස යතු­රු­පැ­දි­ය­කින් ගමන් කර­මින් සිටි­යදී රථ­වා­හන පොලිස් නිල­ධා­රීන් රවටා පැන­යෑමේ සිද්ධි­යක් වාර්තාවේ.

සැක­ක­ට­යුතු යතු­රු­පැ­දිය නවතා ප්‍රශ්න කිරී­මේදී සැක­කරු තම රියැ­දුරු බල­ප­ත්‍රය හා අනෙ­කුත් ලිය­විලි නිව­සින් රැගෙන එන බව පව­ස­මින් යතු­රු­පැ­දිය නවතා සූක්ෂ්ම ලෙස එතැ­නින් පලා­යාමේ පුව­තක් වාර්තාවේ.



අදාළ යතු­රු­පැ­දිය පමු­ණු­ගම පොලිස් වසමේ නිව­ස­කින් සති­ය­කට පමණ පෙර සොර­කම් කළ පොලිස් නිල­ධා­රි­යෙ­කුට අයත් යතු­රු­පැ­දි­යක් බවට මේ වන විට හඳු­නා­ගෙන ඇති අතර එය දැනට ග්‍රෑන්ඩ්පාස් පොලිස් භාරයේ තබා­ගෙන ඇත.

පොලිස් නිල­ධා­රී­ය­කුට අයත් යතු­රු­පැ­දි­යක් දුර­ක­තන ඇතුළු දේපළ කොල්ලකෑ සොරකු සොයයි යන හිසින් ජුනි 06 දින දින­මිණ පුව­ත්පතේ පළ කර තිබූ පුව­තට අදාළ පමු­ණු­ගම පොලිස් වස­මට අයත් බෝපි­ටිය මංස­න්ධි­යට නුදු­රින් එකම දිනෙක සොර­ක­ම්වල යෙදුණු මෙම සැක­කරු, තවත් ප්‍රදේ­ශ­ව­ලද එවැනි සොර­ක­ම්වල නිරත වී ඇති බව­ටද පොලි­සිය තොර­තුරු අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

(වත්තල - ජෝශප් පයස්)