lorenso-putha-sri-lanka

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිට මුදාගෙන සීෂේල්ස් ආරක්ෂක අංශ භාරයේ තිබූ “ලෝරන්ස් පුතා 04” යාත්‍රාවේ සිටි මෙරට ධීවරයන් 06 දෙනා දිවයිනට පැමිණි බව ධීවර අමාත්‍යාංශය පවසයි.





මෙම වසරේ ජනවාරි 17 වනදා ලොරෙන්සෝ පුතා හතර ධීවර යාත්‍රාව ධීවර කටයුතු සදහා තම මංගල ගමන ආරම්භ කළේ දික්ඕවිට වරායෙන් වන අතර, ඊට ධීවර සාමාජිකයින් 6 දෙනෙකු එක්ව සිටි බව කියැවේ.

එම යාත්‍රාව ජනවාරි 27 වනදා ආරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.

කෙසේ වුවද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මගින් යාත්‍රාව හා ධීවරයින් බේරා ගැනුණු අතර ඊට නාවික හමුදාව, ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදී තිබුණි.



මාස 5කට පසු මෙම ධීවර යාත්‍රාව ධීවරයින් 6 දෙනා ද සමග ඊයේ රාත්‍රීයේ දික්ඕවිට වරායට පැමිණි බවට වාර්තා වෙයි.