maduru-oya-incident

මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ, මීට වසර හත­ර­කට හෝ පහ­කට ඉහ­තදී ආර­ක්ෂිත පක්ෂි­යෙකු වන මොන­රෙකු දුනු, ඊත­ල­ව­ලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රද­ර්ශ­නය කිරීම හා මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­න­යට ඇතු­ළු­වීම ඇතුළු චෝදනා පහක් යටතේ මහි­යං­ගණ දඹාන ප්‍රදේ­ශයේ ආදි­වාසී පස්දෙ­නෙකු සහ විදේ­ශි­ක­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන නීති­මය පිය­වර ගැනී­මට හේනා­නි­ගල වන සත්ත්ව අඩවි ආර­ක්ෂක ඩබ්ලිව්.එම්. කුමා­ර­සිරි විජේ­කෝන් මහතා විසින් පෙරේදා (13) මහි­යං­ගණ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට බී වාර්තා­වක් මඟින් කරුණු ඉදි­රි­පත් කොට තිබේ.



පසු­ගිය දිනක තමන් සමාජ මාධ්‍ය නර­ඹ­මින් සිටි­යදී මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ ආර­ක්ෂිත පක්ෂ­යෙකු ලෙස හඳු­න්වන මොන­රෙකු දඩ­යම් කර ගිනි දල්වා පුලුස්සා විදේ­ශි­ක­යකු සමඟ එම මස් ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර you tube නාළි­කා­වක් ඔස්සේ ප්‍රද­ර්ශ­නය කෙරූ සංචා­රක විදේ­ශි­කයා හා මහි­යං­ගණ දඹාන, කොට­බ­කි­නිය ප්‍රදේ­ශයේ ආදි­වා­සීන් පස්දෙනා, අත්අ­ඩං­ගු­වට ගෙන වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආඥා පනත උල්ලං­ඝ­නය සම්බ­න්ධ­යෙන් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම සඳහා බී වාර්තා­වක් මඟින් මෙම කරුණු ඉදි­රි­පත් කර ඇති බව ද හෙනා­නි­ගල වන සත්ත්ව අඩවි ආර­ක්ෂක කුමා­ර­සිරි විජ­ය­කෝන් මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.

එම මොන­රාගේ කොට­සක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදි­වා­සීන් සහ විදේ­ශි­කයා විසින් ආහා­ර­යට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකා­රය තමා ඇතුළු වන­ජීවී නිල­ධා­රින් විසින් නරඹා නිරී­ක්ෂ­ණය කළ බව ද විජේ­කෝන් මහතා පවසා සිටි­යේය.



ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේ­ශි­කයා සමඟ දඹාන ප්‍රදේ­ශයේ ආදි­වා­සීන් පස්දෙනා එම අප­රා­ධය සාමූ­හි­කව සිදු­කර රූගත කිරීම සම්බ­න්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පන­ත්ව­ලින් සංශෝ­ධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂක ආඥා පනතේ 469 අධි­කා­රිය සහ දණ්ඩ නීති සංග්‍ර­හයේ අංක 32 ප්‍රකා­රව පොදු අර­මු­ණින් යුතුව මෙම අප­රා­ධය සිදු­කර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙ­හිව අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට මේ යටතේ සිදු කරන බව ද කුමා­ර­සිරි විජේ­කෝන් මහතා පවසා සිටි­යේය.

මහි­යං­ගණ දඹාන කොට­බ­කි­නිය ගම්මා­නයේ පදිංචි මෙම ආදි­වා­සීන් පස්දෙනා සහ විදේ­ශි­කයා අත්අ­ඩං­ගු­වට ගෙන, මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­න­යට ඇතු­ළු­වීම, ගිනි­පත්තු කිරීම, දුනු ඊත­ල­ව­ලින් ආර­ක්ෂිත පක්ෂි­යෙකු මරා පුලුස්සා මස් කර ආහා­ර­යට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රට­ටත් ජාත්‍ය­න්ත­ර­ය­ටත් මුදා හරි­මින් ශ්‍රී ලංකාවේ වන­ජී­වීන් අප­රාධ සිදු කිරී­මට අනු­බ­ල­දීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙ­හිව නඩු පැව­රී­මට කට­යුතු කරන බවද කුමා­ර­සිරි විජේ­කෝන් මහතා අප කළ විම­සී­ම­කදී වැඩි­දු­ර­ටත් පවසා සිටි­යේය.

මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ ආර­ක්ෂිත පක්ෂි­යෙකු වන මොන­රෙකු, ඊතල දුනු­ව­ලින් මරා ගිනි­දල්වා පුලුස්සා ආහා­ර­යට ගන්නා වීඩි­යෝව ජාත්‍ය­න්ත­ර­යට මුදා හැරී­මෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමා­ණ­යක් නරඹා තිබෙන බව ද කුමා­ර­සිරි විජ­ය­කෝන් මහතා පැව­සීය.

( සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ)