mahinda-china-tour

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (27) චීනය බලා පිටව ගොස් තිබේ. චීන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව ශ්‍රී ලංකාව ගොඩගැනීමට උපාය මාර්ගයක් සකස් කිරීම මෙම ගමනේ අරමුණ බව වාර්තාවේ.



මෙම සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍යවරයා,

විදේශ ඇමතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මහින්ද විදෙස් සංචාරයක නිරතවන්නේ දිගු කාලයකට පසුවය.

මහින්ද රාජපක්ෂ සමයේ චීන ආයෝජකයින් සමග හා චීනයේ එක්සිම් බැංකුව සමග ණය ගනුදෙනු සිදුකරමින් දැවැන්ත ව්‍යාපෘති වලට අතගැසූ නමුත් ඒවා පියව ගන්නට අපහසුවී ණය බරින් මිරිකිනි.


මේ හේතුවෙන් ලංකාව ආර්ථික වශයෙන් ඇද වැටුණ අතර ලංකාව බකෛාලොත්භාවයට පත්කිරීමට දායකවූ තීරණ ගත් බවට ශ්‍රේෂ්‍ඨාධීකරණය මහින්ද ඇතුළු පිරිස වරදකරුවන් බවට පත් කෙරිණි.

මෙම සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග සිව්දෙනෙකු චීනය බලා පිටව ගොස් ඇති අතර ඔවුන් ජුලි 01 වනදා යළි මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා විය.