manchester-cigar-nabbed

 ශ්‍රී ලංකා­වට නීති­වි­රෝධී ලෙස රැගෙන ආ රුපි­යල් ලක්ෂ හැත්තෑ­වක් පමණ වටිනා විදේ­ශීය නිෂ්පා­දිත දුම්වැටි තොග­යක් සහ ජංගම දුර­ක­තන තොග­යක් සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගීන් තිදෙ­නකු පෙර්දා (01) දින අලු­යම කටු­නා­යක ගුවන් තොටු­පොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මොවුන් 06/01 දින ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබුණි.



මොවුන් අතර සිටි ගාල්ල ප්‍රදේ­ශයේ පදිංචි 60 හැවි­රිදි පිරිමි පුද්ග­ල­යෙකු සහ 27 හැවි­රිදි කාන්තා­වක විසින් කුඩා දරු­වකු ද වඩා­ගෙන කිසි­වක් ප්‍රකාශ කිරී­මට නොමැති “හරිත මාවත” (Green Channel ) ඔස්සේ ගුවන් තොටු­පො­ළෙන් පිටව යාමට තැත් කිරීමේ දී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී රුපි­යල් ලක්ෂ 40ක් පමණ වටිනා විදේ­ශීය නිෂ්පා­දිත “මැන්චෙ­ස්ටර්” වර්ගයේ දුම්වැටි 40,000 ක් පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මීට අම­ත­රව 23 හැවි­රිදි කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක් විසින් තම ගමන් මලු තුළ රුපි­යල් ලක්ෂ 30 ක් පමණ වටිනා නවී­න­තම ජංගම දුර­ක­තන 77ක් සඟවා ගෙන සිටි­යදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.



මේ පිළි­බඳ විධි­මත් රේගු පරී­ක්ෂ­ණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කාංචන ප්‍රදීප් මහතා විසින් පැවැත්වූ අතර විදේ­ශීය නිෂ්පා­දිත දුම්වැටි තොගය රාජ­ස­න්තක කිරී­මට නියෝග කළ අතර, මෙම දුම්වැටි මෙර­ටට ගෙන ආ ගුවන් මගීන් දෙදෙ­නාට රුපි­යල් ලක්ෂ දෙකක දඩ මුද­ලක් ගෙවන ලෙස ද නියෝග කළේය.

එසේම නීති­වි­රෝධී ලෙස රැගෙ­න­විත් තිබූ ජංගම දුර­ක­තන තොගය ද රාජ­ස­න්තක කිරී­මට නියෝග කළ අතර, ඒවා රැගෙන ආ ගුවන් මගී කාන්තා­වට අව­වාද කර නිද­හස් කිරී­මට ද පිය­වර ගෙන තිබුණි.

(කටු­නා­යක ටී.කේ.ජී.කපිල)