mannar-dog-deaths

මන්නාරම උප්පුකුලම් නාලවන් වඩි ප්‍රදේශයේ ගෘහාශ්‍රිත සුනඛයන් දිගින් දිගටම අභිරහස් ලෙස මිය යන බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය දින කිහිපයේ සිට මෙම සිදුවීම සිදුවන අතර වාර්තාවන ආකාරයට ඉතා නීරෝගීව, එන්නත් ලබාදී හොඳින් රැකබලා ගනිමින් සිටි සුනඛයන් පවා හදිසියේ මිය යාම ගැටලුකාරී වී තිබේ.



එම සුනඛයන් නිවසින් පිටතට ගිය අවස්ථාවන්හි මෙම මරණ වලට ගොදුරුවීම විශේෂිතය.

මේ වන විට මේ ආකාරයෙන් සුනඛයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර තවත් සුනඛයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් එම ප්‍රදේශයේ කවුරුන් හෝ එම සුනඛයින්ට විස මිශ්‍ර ආහාර ලබා දෙන්නට ඇති බවට සැක පවතින බවත් කියැවේ.
මෙහිදී බල්ලන් පමණක් නොව කපුටන් කුකුළන් ද මිය ගොස් ඇති බව දැනගන්නට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා ඇත.