minister-daughter-usa-custom

පසුගියදා ඇමරිකාවේ සිට සිය දියණිය සමඟ ලංකාවට පැමිණි කැබිනට් ඇමතිවරයෙකු හොර බඩු ගෙන ආවේය යන සැකය මත රාජකාරී කරන්නට ගිය නිලධාරින්ට 'වැඩ වරදින' තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. ඇමතිවරයාත් දියණියත් පැමිණි මෙම යානයේ භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද මෙම යානයෙන් ලංකාවට පැමිණ ඇති අතර ගමනාගමනය අතරතුර, භාණ්ඩාගාර නිලධාරියා

ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත පණිවිඩයක් යොමු කරමින්, ඇමැතිවරයා මෙරටට හොර බඩු ගෙන එන බවට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් 20 දෙනෙකු පමණ අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් තිබු අතර ඇමතිවරයා සහ ඔහුගේ දියණිය ගොඩබසින විගස රේගු නිලධාරීන් ඔවුන් වටකර පරීක්ෂා කර ඇත. ඔවුන්ගේ ගමන් මලු ප්‍රසිද්ධියේ සෝදිසි කළ බවද කියැවේ. කෙසේ වෙතත්, චෝදනා කිසිවක් ඔප්පු කිරීමට සාක්ෂි හමු නොවීය.

මෙම වැරදීම නිසා ලැජ්ජාවට පත්ව මුහුණු රතු කරගත් රේගු නිලධාරීන් කඩිමුඩියේ පිටව ගිය බවද වාර්තාවේ.



මෙම සිද්ධියෙන් පසු දේශපාලනඥයා මෙම සිදුවීම සිද්ධවූ ආකාරය ගැන සොයා බලා ඇති අතර පැමිනිල්ල කළ බව කියන භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට දැන් රතු එළි දැල්වෙමින් තිබේ. ව්‍යාජ ඇමතුමක් දීම නිසා ඔහු ගැටලුවකට මුහුණපා ඇති අතරම භාණ්ඩාගාර නිලධාරියාගේ ඇමතුමට අනුව ඇමැතිවරයා සහ ඔහුගේ දියණිය සෝදිසි කරන්නට කණ්ඩායමට නියෝග කළ රේගු නිලධාරියාට ද රතු එළි දැල්වෙමින් තිබේ.