morawewa-incident

ජනතාවට හිරිහැරයක් වන ලෙස බීමත්ව කලහකාරී ලෙස හැසිරුනු බව කි හරක් වෙළෙන්දකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) රාත්‍රියේ ගිය පොලිසියේ නිලධාරීන් තිදෙනකුට පොල්ලකින් පහරදී ඇතැයි මොරවැව පොලිසිය සදහන් කරයි.ඇඳ සිටි සරමේ ගැට ගසා ගෙන සිටි ජීව අත්බෝම්බයක් ද

සමග පසුව මොහු අත්අඩංගුවට ගත් බව මොරවැව පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, රොටවැව පදිංචි 42 හැවිරිදි අයකු වන ඔහු හරක් වෙළෙදාමේ නියැලන්නකු බව ද පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරු දෙදෙනා මහදිවුල්වැව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙති.කිසිවකු බීමත්ව කලහකාරී ලෙස සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් සහ පීඩාවක් වන ආකාරයට හැසිරෙමින් සිටින බවට පොලිස් 119 හදිසි ඇමැතුම් අංශය

මගින් කරන ලද දැනුම් දීමක් මත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත.

මේ අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට පොල්ලකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි. තමන් ඇඳ සිටින සරමේ බෝම්බයක් ගැට ගසාගෙන සිටින බවත් එම බෝම්බය ගසා පොලිස් නිලධාරීන් තිදෙනා ඝාතනය කරන බවට ද තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.රොටවැව පොලිසියේ සැරයන් රත්නායක (49672) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි පැමිණ බලවත් පරිශ්‍රමයක් යොදා සැකකරු අල්ලා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව ද එම ආරංචි මාර්ග පැවැසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය