nagollagama-incident

කුලී පද­න­මින් ලබා ගන්නා වාහ­න­ව­ලට නියම අයි­ති­ක­රු­වන්ගේ නමින් ව්‍යාජ ලේඛන සකස් කොට ඒවා හොර රහසේ අලෙවි කිරීමේ නිරත වූ පුද්ග­ල­යකු නාගො­ල්ල­ගම වන­ගත ප්‍රදේ­ශ­ය­කදී අත් අඩං­ගු­වට ගත් බව නාගො­ල්ල­ගම පොලි­සිය කියයි.



සැක­කරු විසින් මේ ජාවා­ර­මෙන් රුපි­යල් තුන්කෝටි විසි­එක්ලක්ෂ තිස්පන්ද­හස (3,21,35,000.00)ට වැඩි මුද­ලක් උප­යා­ගෙන සිටි­න්නකු බවද මෙතෙක් කළ මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වූ බව පොලි­සිය කියයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු තල්කොටේවත්ත,නාග­ල්ලා­ගම ලිපි­නයේ පදිංචි 34 හැවි­රිදි විවා­හක පුද්ග­ල­යකු බවත් ඔහු දර්ගා නග­රය ප්‍රදේ­ශය මුල් පදිංචි අයකු බවත් පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි. නාගො­ල්ලා­ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සම්පත් ජය­මහ මහ­තාට ලැබුණු පෞද්ග­ලික දුර­ක­තන පණි­වි­ඩ­යක් ඔස්සේ විම­ර්ශ­නය කර මේ අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර ඇත.



නාගො­ල්ලා­ගම,තල් කොටේ වත්ත,අඹ ගහ­වත්ත ප්‍රදේ­ශයේ කැලෑ රොදක් අසල යතු­රු­පැ­දි­ය­කින් පැමිණි පුද්ග­ල­යකු බොහෝ වෙලා රැඳී ඉන්නා බවත් ඔහු පිළි­බ­ඳව සැක­යක් පව­තින බවත් පොලි­සි­යට තොර­තුරු ලැබී ඇත.

ඒ අනුව වහාම ක්‍රියා­ත්මක වූ නාග­ල්ලා­ගම පොලි­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා ඇතුළු කණ්ඩා­යක් එම ස්ථාන­යට ළඟා වන­වාත් සම­ඟම සැක­කරු යතු­රු­පැ­දිය දමා පළා­ගොස් ඒ ප්‍රදේ­ශයේ ඇති වෙනත් කැලෑ­බද ප්‍රදේ­ශ­ය­කට ඇතුළු වී සැඟවී තිබේ.

සැක­කරු ලුහු­බ­දි­මින් ගිය පොලිස් කණ්ඩා­ය­මට මහත් පරි­ශ්‍ර­ම­යක් යොදා ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බවත් විම­ර්ශන නිල­ධා­රීහූ පව­සති.

සැක­කරු මහ­මඟ දමා පලා ගිය යතු­රු­පැ­දිය ආස­න්න­යට ගෙන්වා පරීක්ෂා කිරී­මේදී යතු­රු­පැ­දියේ ඉදි­රි­පස කොටසේ සඟවා තිබූ රක්ෂණ සහ­ති­ක­යක්,ආදා­යම් බල­ප­ත්‍ර­යක් හා රියැ­දුරු බල­ප­ත්‍ර­යක් ද පොලි­සිය විසින් සොයා­ගෙන තිබේ.

එහි තිබූ ලිපි ලේඛ­න­ව­ලට අනුව අදාළ යතුරුපැදිය තම මස්සි­නාගේ බවට සනාථ කිරී­මට සැක­කරු උත්සාහ ගත් නමුත් ඔහුට එය තහ­වුරු කර ගැනී­මට නොහැ­කි­වීම හේතු­වෙන් පොලිසිය වැඩි­දුර විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබේ.

එහිදී සැක­කරු සතුව තිබූ රියැ­දුරු බල­ප­ත්‍රය සම්බ­න්ධ­යෙන් ද කරුණු අනා­ව­ර­ණය වී ඇති අතර එය ඇල­බ­ඩ­ගම, පන්නල ප්‍රදේ­ශයේ පුද්ග­ල­ය­කුට අයිති එකක් බවට අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පිළි­බ­ඳව අවට පොලිසි දැනු­වත් කිරී­මෙන් අන­තු­රුව මේ වන විට දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් මේ සැක­කරු සම්බ­න්ධ­යෙන් නාගො­ල්ලා­ගම පොලි­සි­යට තොර­තුරු ලැබෙ­මින් පව­තින බව පොලි­සිය කියයි.



ඒ අනුව සැක­ක­රුට විරු­ද්ධව නික­වැ­රැ­ටිය, හොරණ, කළු­තර,කුරු­ණෑ­ගල, මාතර,ගිරි­බාව ආදී පොලිස් ස්ථාන රැස­කින් මෙවැනි වාහන ජාවා­රම් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ලැබී ඇති බව වාර්තා වේ.

කුලී පද­න­මට වාහන ලබා­දෙන ආය­තන මඟින් මෙසේ ලබා­ගත් සැප මෝටර් රථ හත­රක්, වෑන් රථ දෙකක් නැවත ලබා නොදීමේ හා අගරු චෙක්පත් ලබාදී මුදල් වංචා කිරී­මක් සම්බ­න්ධ­යෙන් ද මේ පැමි­ණිලි අතර වන බව පොලී­සිය කියයි.

සැක­කරු විසින් කුලී පද­න­මින් ලබා ගන්නා වාහ­න­වල බල­ප­ත්‍රය හා රක්ෂණ සහ­තික ව්‍යාජ ලෙස යළි සකස් කර මේ ජාවා­රම සිදු­ ක­ර­ගෙන ගොස් ඇති බවට කරුණු අනා­ව­ර­ණය වී තිබේ.එම සහ­තික මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පරීක්ෂා කිරී­මේදී ඒවායේ කිසිදු වෙන­ස්ක­මක් දක්නට නොවන බව ද පොලි­සිය කියයි. මේ සඳහා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ කිසි­යම් අය­කුගේ හෝ පිරි­ස­කගේ සහාය ලැබී ඇති­ දැයි සොයා බැලී­මට වෙනම විම­ර්ශ­න­යක් ආරම්භ කළ බවද පොලි­සිය සඳ­හන් කරයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නික­වැ­ර­ටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි වසන්ත ජය­මිනි කුමාර මහ­තාගේ උප­දෙස් මත මහව දිසාව භාර සහ­කාර පොලිස් අධි­කාරි බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් නාගො­ල්ලා­ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සම්පත් ජය­මහ මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් පොලිස් සැර­යන්(35389) දිසා­නා­යක,පොලිස් පොලිස් සැර­යන් (33547) රණ­සිංහ , පොලිස් සැර­යන් (34124) දිසා­නා­යක,පොලිස් සැර­යන් (57629) රත්නා­යක , පොලිස් කොස්තා­පල් (72546) රණ­තුංග,පොලිස් කොස්තා­පල්(34536) ලක්මාල් නිල­ධා­රීහු වැඩි­දුර විම­ර්ශන සිදු­ක­රති.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ඊයේ (03) මහව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

(සංජී­වනී ආරි­ය­රත්න - මහව , සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය - කුරු­ණෑ­ගල)