nathasha-edirisuriya-free

පසුගිය 2023 වසරේ අප්‍රේල් 01 වනදා ප්‍රසිද්ධ ඉදිරිපත්කිරීමකදී 'සුද්ධෝදනගෙ පොඩි එකා' යනුවෙන් සිදුහත් කුමරු හඳුන්වමින් ආගමකට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය ඒ දිනවල අත්අඩංගුවට පත්වූ අතර මෝඩාභිමානය නමින් මෙම වැඩසටහන සංවිධානය කළ බෲනෝ දිවාකරද අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර පසුව ඇප ලබා සිටි


ඔවුන්ට එරෙහිව ගොනු කළ නඩුවෙන් නතාෂා එදිරිසූරිය හා බෘනෝ දිවාකර දෙදෙනාම නිදහස් කරන ලෙස අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් සාක්ෂ්‍ය නැතැයි නීතිපතිවරයා කර තිබූ දැනුම්දීමක් මත ඔවුන් නිදහස් විය.


අප්‍රේල් 01 වනදා ‘මෝඩයාගේ දවසේ‘ කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද ‘මෝඩාභිමානි‘ නම් විකට ප්‍රසංගයේ වීඩියෝ කොටස් අන්තර්ජාලය වෙත සති කිහිපයකට පසු යොමුවූ අතර ආන්දෝලනය ඇතිවන්නේ එයින් පසුවය.
‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණි.
“අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා.

බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.
ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. "
ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මාස එකහමාරකට පසු 2022 මැයි 26 වනදා යූටියුබ් ඔස්සේ සමාව ඉල්ලා තිබූ අතර

ඒ සම්බන්ධව පළව ඇති වීඩියෝ ඉවත්කර ගෙන තිබුණි.

නතාෂා එදිරිසූරිය බෝධිසත්වයන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කරන්නට Beyond the struggle ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි කටයුතු කළහ.
නතාෂා මෙම සිද්ධිදාමය අතර රටින් පළායන්නට උත්සාහ කරන අතර කටුනායකදී ඇය අත්අඩංගුවට පත්වන්නේ එයින් පසුවය. ඇයගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් කළ පැමිණිලි ඔස්සේ පැමිණිලි යොමුවෙමින් පැවති අවස්ථාවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව දැන්වූ අතර පසුව ඇයට එරෙහිව නඩු පැවරිණි.