nawagamuwa-incident

කාන්තාවක් සිය අනියම් පෙම්වතා සමඟ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගිය අවස්ථාවේ නීත්‍යානුකූල සැමියාට හසුවීමත් සමඟ ඇති වූ ගැටුමක් පිළිබඳ පුවතක් කඩුවෙල, නවගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.



අදාළ තරුණ කාන්තාව සිය අනියම් පෙම්වතා සහ තවත් තරුණයින් පිරිසක් සමඟ පසුගිය 23 වනදා නවගමුව ප්‍රදේශයේ ඉදිකර තිබූ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් ඇති අතර එහි මිනීපෙට්ටියේ මෘතදේහය ලෙස සිටි විවාහක සැමියා ඇයව හඳුනාගැනීමෙන් එම ස්ථානයේ ගැටුමක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී සැමියා විසින් අදාළ 21 හැවිරිදි බිරිඳට පහරදීමට තැත්කර ඇති අතර

එහිදී ඇතිවූ ගැටුමේදී පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය අද (24) නියෝග කර තිබුණි.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවූ පිරිසකි.

අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්වී ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැති බවත් හෙළිවී තිබේ.

එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශ්වයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.