nuwara-eliya-incident

නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අබිරහස් ලෙස මියගොස් ඇතැයි නුවරඑළිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. පෙරේදා (26දා) පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු වැසිකිළියට ගිය අවස්ථාවේ එම පුද්ගලයා

වැසිකිළියේදීම මියගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (27දා) උදෑසන එම වැසිකිළියට ගිය අවස්ථාවේ

මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අබිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්,නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බවත් පොලීසිය පවසයි.අදාළ වැසිකිළියෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතුවල අවධානය යොමු වී ඇති බවත් නුවරඑළිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.නුවරඑළිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 රංජිත්  රාජපක්ෂ