pakistan-usa-cricket

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ඇමරිකානු කණ්ඩායම ඊයේ ජයගත්තේය.
මෙම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූයේ ලකුණු සමවීමකින් පසු ක්‍රිඩා කළ සුපිරි පන්දුවාරයේ දීයි.

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් ලබාගෙන තිබුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් ලබාගත් අතර තරග නීතිරඑීති අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයකට එක්විය. ඇමරිකාව කණ්ඩායම නියමිත පන්දු 06 තුළ ලකුණු 18ක් රැස් කළ අතර ලකුණු 19ක ඉලක්කය හඹා ගිය පාකිස්ථාන ක්‍රීඩකයින්ට සුපිරි පන්දු වාරයේ දී එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 13ක් පමණි.