panadura-wadduwa-incident

කත­ර­ගම කොළඹ බස් රථ­ය­කදී හමුවී හිත­වත් වු ආග­න්තුක කාන්තාවක වාද්දුව මැලෑ­ගම නිව­ස­කට පැමිණ අඹු සැමි යුවළ සිහි­සුන් කර රුපි­යල් ලක්ෂ 6 කට අධික වටිනා රන් භාණ්ඩ තොග­යක් සොරා­ගෙන පලා යාමේ සිදුවීමක් වාද්දුව පොලිසිය වාර්තා කර තිබේ.


පැමි­ණි­ලි­කාර යුවළ ඥාතීන් සමඟ ඉකුත් මස 17වැනි ­දින තිස්ස­ම­හා­රාම ප්‍රදේ­ශයේ ධර්ම දේශ­නා­වක් සඳහා සහ­භාගී වී ඇති අතර එය අව­සන් වී නැවත 18 වැනි දින කත­ර­ගම සිට කොළඹ බලා පැමි­ණෙන බස් රථ­යකින් වාද්දුව බලා පැමිණෙමින් සිට අතරදී අසුන ආස­න්න­යේම අසුන් ගන්නා ලද කාන්තා­වක සමග පැමි­ණි­ලි­කා­රිය සමග හිත­වත් වී ඇති අතර  එම කාන්තාව ඇයගේ නම 'සඳ­මාලි' යනු­වෙන් හඳුන්වා දී කතා කරමින් සිට ඇත.

තම පවුලේ සියලු තොර­තුරු මේ නාඳු­නන කාන්තා­වට පවසා ඇති පැමිණිලිකාරියට කාන්තාව තමන්ගේ විස්තරද කියා ඇති අතර කොළඹ මහ­නාම පාරේ තට්ටු හත­කින් සම­න්විත නිව­සක කොළඹ මහ උසා­වියේ නීති­ඥ­ව­රි­යගේ නිවසේ තමා රැකි­යාව කරන බව පවසා ඇත.


 නීති­ඥ­ව­රිය දුප්පත් පුද්ග­ල­යන්ට උදව් උප­කාර කරන බවද රැකියා දෙන බවද පවසා ඇති අතර එම අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව තමන්ගේ පුතාට රැකි­යා­වක් සොයමින් සිටි නිසා උදව්වක් ගන්න පුළුවන්දැයි විමසා ඇත. එය පහසුවෙන් කරදෙන්නට එම කාන්තාව එකඟවී ඇති අතර දුර­ක­තන අංක හුව­මාරු කර­ගෙන බස් රථයෙන් පිටව ගොස් තිබුණි.

පසුව දින කීප­යක් කතා­බස් කර ඉකුත් මස 29 වැනි දින අව­සන් වරට මේ කාන්තාව දුර­ක­තන මගින් ඇම­තු­මක් පැමි­ණි­ලි­ කා­රි­යට කතාකර නීති­ඥ­ව­රියට විස්තර කියූ බවත් පැමි­ණි­කා­රි­යගේ නිවසට ඇයට පැමි­ණෙන්නට අවශ්‍ය බවත් පවසා ඇත.
මෙම පැමිණිලි කාරිය ඇඟළුම් සේවිකාවක ලෙස සේවය කරන්නියක වන අතර වාද්දුව ප්‍රදේශයේ සාමාන්‍ය නිවසක ජීවත්වෙමින් සිටින්නියකි.
පෙර කී කාන්තාව ඇමතීමෙන් පසු­දින (30)  වාද්දුව ප්‍රදේ­ශ­යට පැමිණ නැවත ඇමතුමක් ලබාගෙන පවසා ඇත්තේ තමා දැන් තනිව ආ බවත් තමාව රැගෙන එන්නට ත්‍රිරෝද රථ­ය­කින් පැමි­ණෙන ලෙසත්ය.
දැනු­ම්දීම අනුව පැමි­ණි­ලි­කා­රිය වාද්දුව නග­ර­යට ගොස් සඳ­මාලි නමැති කාන්තාව නිව­සට රැගෙනවිත් ඇති අතර නීතීඥවරිය තව ටිකකින් එන බව කියූ ඇය පැමි­ණි­ලි­කා­රිය හා ඇයගේ සැමියා සමඟ නිවසේ සුහ­දව කතා­බස් කර­මින් මද වේලා­වක් රැඳී සිටි බව කියැවේ.



එම අවස්ථාවේ කාන්තාව පවසා ඇත්තේ ටිකක් හොඳට ඉන්න ඕන ගෙදර අය එතකොට තමා නෝනා කැමතිවෙන්නෙ රත්තරන් බඩු එහෙම නැද්ද.. ඒවා තියනව නම් එළියට අරන් පැළඳගෙන ඉන්න. නැතිබැරිකං පෙන්නන්න යන්න එපා යුනවෙනි. එම අවස්ථාවේ නිවෙසේ සිටි සැමියා හා බිරිය දෙන්නාම රත්තරන් බඩු එළියට ගෙන හොඳින් පැළඳ සිටි අතර නිවසේ වටිනා කියන භාණ්ඩ එලියට ගෙන ඒවායින් සාලය සරසා තිබූ බව පැවසේ. සඳ­මාලි නැමැ­ත්තියගේ කීමට අනුව එසේ වෙනස්කම් කර ටික වේලාවක් සිටියදී තේ එකක් ඉල්ලා ඇති ඇය නිවසේ ඒමේ අත ගමන් කරමින් සිටි බවද පැවසේ.
අන­තු­රුව පිරිස තේ පානය කර ඇති අතර තේපානයත් සමග පැමි­ණි­ලි­කා­රි­යට හිසේ කැක්කු­මක් හටගත් බව පැවසේ.
ඇය සැකකරන්නේ කිසියම් ද්‍රව්‍යයක් කුස්සියේදී තේ කෝප්පයට දමන ලද බවයි.
මේ සමග තමා සිහිසුන් ගතියෙන් සිටි බවත් එම අවස්ථාවේ තම සැමියාටද එවැනි තත්වයක් හටගත් බවත් පැමිණිලිකාරිය පවසා තිබේ,

කාන්තාව නීති­ඥ­ව­රිය රැගෙන ඒම සඳහා වාද්දුව නග­ර­යට යාමට අවශ්‍ය බවට පවසා මාර්ග­යට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදි­යක නැගී වාද්දුව නග­ර­යට යනු තමාට යාංතමින් මතක බවද ඇය පවසා තිබේ,මෙයින් පසු පැමිණිලි කාරියට නින්ද ගොස් ඇති අතර එම අව­ස්ථා­වේදී
අස­ල්වා­සීන් නිවසේ පදිංචි පුද්ග­ල­යන් දකි­න්නට නොවීම සම්බ­න්ධ­යෙන් කළ සොයා බැලී­මේදී පැමි­ණි­ලි­කා­රිය හා ඇයගේ සැමියා නිවසේ සාලයේ හා නිදන කාම­රයේ සිහි­සුන්ව සිටින බවට දැකගන්නට ලැබී ඇත.
පොලිසියට දැනුම්දී දෙන්නාව වහා පාන­දුර මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මට ඔවුන් පිය­වර ගෙන තිබූ බව පොලි­සිය කියයි.
රෝහල්ගතව දින තුනක් පමණ ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ බලන විට සිද්ධිය අවස්ථාවේ ආගන්තුක කාන්තාව නිවස කොල්ලකා ඇති බවත්
සොරා­ගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 2 1/2ක රන් මාල­යක් ,පවුම් 1/2 ක රන් මුදු­වක් ,පවුම් 1/4 ක මුදු­වක් හා කරාබු ජෝඩු­වක් වන බව පැමිණිලි කර ඇත.
වාද්දුව පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.


(බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ, පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක)