pavithra-ranil

ජනාධිපතිවරයා  සහ පොදුජන පෙරමුණේ  දේශපාලන මතය කඳවුරු දෙකක වුවද  ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගෞරවය රනිල්  වික්‍රමසිංහ ජනපතිට  හිමිවන  බව  වාරිමාර්ග, වනජීවී  සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.



රනිල් සමඟ එදා දේශපාලන  මතවාදී  ගැටලු   තිබූ නමුත් වර්තමානයේ ආර්ථිකය  ප්‍රකෘතිමත්  කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා   පවත්වමින්  විශිෂ්ට නායකයකු ලෙස රට  ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන  වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බව ද වන්නිආරච්චි මහත්මිය කීවාය.



රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී  ඇති බවත්   කුමන දේශපාලන  කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ  කළයුතු බව ද  අමාත්‍යවරිය පැවැසුවාය.

වන්නි ආරච්චි මහත්මිය මේ බව කීවෙි  ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට  මොරකැටිය  බෙදුම් ඇළ  දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න  විකල්ප  මාර්ගය  ප්‍රතිසංස්කරණ කිරීමේ  උත්සව අවස්ථාව ට  සහභාගී වෙමිනි.

(අංජුල මහික වීරරත්න)