polonnaruwa-elephant-incident

පොලො­න්න­රුව, හබ­රණ ප්‍රධාන මාර්ගයේ හබ­රණ 7 කණුව දේවා­ලය ආස­න්න­යේදී හබ­රණ රක්ෂි­තයේ සැරි­සැරූ වන අලි­යෙකු සිදු­කළ පහ­ර­දී­ම­කින් ලොරි රථ­යක ගමන් කළ පුද්ග­ල­යකු ඊයේ (19) උදෑ­සන මිය­ගොස් ඇති බව මින්නේ­රිය පොලි­සිය කියයි.



මෙම වන අලි පහ­ර­දී­මෙන් මිය­ගොස් ඇත්තේ පොලො­න්න­රුව 4 ඇළ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි පුද්ග­ල­යෙකි. ඊයේ 19 උදෑ­සන 6 ට පමණ මෙම වන අලි පහ­ර­දීම සිදුව ඇත.

මිය­ගිය පුද්ග­ලයා ලොරි රථ­ය­කින් කෙසෙල් හා කොස් දඹුල්ල ආර්ථික මධ්‍ය­ස්ථා­න­යට රැගෙන යමින් සිටි­යදී මෙම ප්‍රහා­ර­යට ඔහු ලක්ව ඇති බව පරී­ක්ෂණ සිදු කරන මින්නේ­රිය පොලි­සිය කියයි.

එම කුඩා ලොරි රථය මින්නේ­රිය දෙස සිට දඹුල්ල දෙසට ධාව­නය වී ඇති අව­ස්ථාවේ එක්වර වන අලි­යෙකු ලොරි රථය ඉදි­රි­පි­ටට පැමිණ ඇති බව පොලි­සිය කියයි. එම අව­ස්ථාවේ ලොරි රථයේ රියැ­දුරු කල­බ­ල­වීම හේතු­වෙන් මාර්ගයේ ලොරි රථය එක­වර නතර වී ඇත. එවිට ඔහු ලොරි රථ­යෙන් පැන­ගොස් බේරී තිබේ.

පසුව වන අලියා විසින් ලොරි රථය ඒ අසල පිහිටි හබ­රණ රක්ෂි­තයේ බෑවු­ම­කට පෙරලා තිබේ.

ඉන් අන­තු­රුව වන අලියා විසින් ලොරි රථයේ ගමන් කළ පුද්ග­ල­යාට පහර දී ඝාත­නය කර ඇති බව පොලි­සිය කියයි.

වන අලියා පහ­ර­දී­මෙන් ලොරි රථය හබ­රණ රක්ෂි­තයේ බෑවු­ම­කට පෙර­ලී­ගොස් තිබූ අතර එහි රැගෙන යමින් තිබූ කොස් කෙසෙල් රක්ෂි­තය පුරා විසීරී ගොස් තිබිණි.

වන අලි පහ­ර­දී­මෙන් මිය­ගිය පුද්ග­ල­යාගේ මෘත ශරී­රය හිගු­ර­ක්ගොඩ මූලික රෝහලේ තබා ඇති අතර මේ පිළි­බද වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු මින්නේ­රිය පොලි­සිය සිදු කරයි.
(සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ)