fake-sms-postal-parcel

තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල ලාංඡ­නය උප­යෝගී කර­ග­නි­මින් අන්ත­ර්ජා­ලය මඟින් භාණ්ඩ බෙදා­හැ­රී­මට යැයි පවසා වෛද්‍ය­ව­රුන්, නීති­ඥ­ව­රුන්, ඉංජි­නේ­රු­වන්, ව්‍යාපා­රි­ක­යින් සහ රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු විශාල පිරි­ස­ක­ගෙන් රුපි­යල් කෝටි 17කට අධික මුද­ලක් වංචා කළ සංවි­ධා­නා­ත්මක කණ්ඩා­ය­මක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨාස අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ හා බුද්ධි ඒක­කය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදි­රියේ ඊයේ (24) කරුණු වර්තා කළේය.



මෙම සංවි­ධා­නා­ත්මක අප­රා­ධය සිදු­කළ පිරිස සම්බ­න්ධ­යෙන් කළ ආවේ­ක්ෂ­ණයේ දී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express)නම් ආය­ත­න­යට බැරවී ඇති බවට සොයා ගත් බව ද එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් තම ඒක­ක­යට පැමි­ණිලි 88කට අධික ප්‍රමා­ණ­යක් ලැබී ඇති අතර, එම පැමි­ණිලි ඉදි­රි­පත් කළ අය අතර වෛද්‍ය­ව­රුන්, නීති­ඥ­ව­රුන්, ඉංජි­නේ­රු­වන්,

ව්‍යාපා­රි­ක­යින් සහ රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු විශාල පිරි­සක් සිටින බව ද එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව ඉදි­රි­පත් වූ පැමි­ණිලි දෙකක් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර­මින් පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨාස අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ හා බුද්ධි ඒක­කය සඳ­හන් කරනු ලැබුවේ එම පැමි­ණිලි දෙක ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යකු වන පාදුක්කේ පදිංචි අනු­රාධ ද මැල් සහ ශ්‍රී ලංකා ටෙලි­කොම් සමා­ගමේ ජාල­ගත අංශයේ සහ­කාර ඉංජි­නේරු මත්තේ­ගොඩ පදිංචි සමීර රංගන විජේ­සේ­කර යන අය විසින් ඉදි­රි­පත් කරනු ලැබ තිබූ බවය.

ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යා­ගෙන් රුපි­යල් ලක්ෂ 23ක මුද­ලක් ද ඉංජි­නේ­රු­ව­ර­යා­ගෙන් රුපි­යල් ලක්ෂ 18ක මුද­ලක් ද වශ­යෙන් වංචා කර ඇතැයි එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය. අන්ත­ර්ජා­ලය මඟින් භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා

අදාළ විකු­ණුම් ආය­තන වෙත තොර­තුරු ඉදි­රි­පත් කළ පසු මෙම සංවි­ධා­නා­ත්මක කණ්ඩා­යම එම පාරි­භෝ­ගි­ක­යින්ගේ ජංගම දුර­ක­ත­න­යට කෙටි පණි­වි­ඩ­යක් යොමු­කර ඔවුන්ගේ නම් සහ ලිපින සහිත විස්ත­ර­වල යම් ගැට­ලු­වක් ඇති බව පවසා ඔවුන් අලු­තින් ලබා දෙන පෝර­මය පුරවා එවන ලෙසට අන්ත­ර්ජා­ලය මඟින් වාර්තා­වක් යොමු­ක­රන බව එම ඒක­කය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත.

පසුව එය යොමු කරන්නේ තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව හරහා බවට සඳ­හන් කර ඇති මෙම පිරිස එම පෝර­ම­යට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ ලාංඡ­නය ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියා­වට රැවටී අදාළ පාරි­භෝ­ගි­ක­යින් එම පෝර­මය පිර­වී­මෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණි­වි­ඩ­යක් මඟින් ඕටීපී අංක­යක් ලබා­දෙනු ලබන බවත් පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨාස අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ

හා බුද්ධි ඒක­කය අධි­ක­ර­ණ­යට සඳ­හන් කළේය.

එම ඕ.ටී.පී. අංකය පාරි­භෝ­ගි­ක­යින් විසින් මෙම සංවි­ධා­නා­ත්මක පිරි­සට යොමු කළ පසු එම පිරිස අදාළ අංකය භාවිත කර­මින් පාරි­භෝ­ගි­ක­යින්ගේ බැංකු ගිණුම් තුළට ඇතු­ළුවී එහි ඇති සියලු මුදල් සොරා­ගන්නා බව එම ඒක­කයේ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 27263 ධනු­ෂන් සහ 17414 ෂාලික යන නිල­ධා­රීහු අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළහ.

ඒ අනුව මෙම වංචාව සම්බ­න්ධ­යෙන් ඉදිරි විම­ර්ශන සඳහා බැංකු වාර්තා කැඳ­වී­මට නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨාස අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ හා බුද්ධි ඒක­කය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණ­යට අදාළ බැංකු නියෝග නිකුත් කර සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨාස අන්ත­ර්ජාල ආවේ­ක්ෂණ හා බුද්ධි ඒක­ක­යට නියෝග කළේය.