pradeep-k-wijayan-death

චෙන්නායිහි බලවාගක් ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රකට දමිළ නළු ප්‍රදීප් කේ විජයන් අභිරහස් ලෙස මියයාමේ පුවතක් වාර්තාවේ.
ඔහු දින දෙකක් පමණ තිස්සේ මිතුරන්ට සම්බන්ධ කර ගන්නට බැරිව යාමෙන් පසු කළ විපරමකදී නිවසින් පිටතට නොපැමිණි ඔහුගේ නිවසද අගුළු දමා තිබී හඳුනාගෙන තිබූ අතර සැකයට තුඩු දුන් කරුනු නිසා

පොලිසිය ඔහුගේ නිවසේ දොර කඩා ඇතුලට ගිය විට ප්‍රදීප් කේ විජයන් මියගොස් සිටි බව අනාවරණය විය.

ප්‍රදීප් කේ විජයන් ස්වභාවිකව මියගියේද නැතිනම් ඝාතනයක් සිදුවීද යන්න තවම නිශ්චය කර නැත.
බැලුබැල්මට හදිසි හෘදයාබාධයකින් මිය යන්නට ඇති බවට සැක කෙරෙන බව පොලිසිය පවසා තිබේ.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

ප්‍රදීප් කේ විජයන් නමැති නළුවා දෙමළ චිත්‍රපට රැසක රඟපා ඇත. ඔහු දුෂ්ටයෙකු සහ විකට නළුවෙකු ලෙස ඔහුගේ රංගනය නිසා රසිකයන් අතර ජනප්‍රිය විය.

ඔහු රංගනයෙන් දායක වූ තේගිඩි චිත්‍රපටියට ඔහුට හොඳ ප්‍රතිචාර ලැබුණි. ඔහු දෙමළ චිත්‍රපට පහළොවක පමණ රඟපා තිබේ. අවසන් වරට රඟපෑවේ ‘රුද්‍රන්’ චිත්‍රපටයේ ය.

ඔහුගේ හදිසි වියෝව රසිකයින් අතර ශෝකය හා කම්පනය ඇති කර තිබේ.