priyan-manik-in-court

ප්‍රකට මැණික් ව්‍යාපා­රි­ක­යකු වන දේවගේ ප්‍රියන්ත පුෂ්ප­කු­මාර (ප්‍රියාන්) යන අය විසින් කාන්තා­වක දූෂ­ණය කර ඇති බවට වන පැමි­ණි­ල්ලට අදා­ළව කොටුව පොලි­සිය විසින් කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ ඊයේ (28) උදෘත ගොනු කරනු ලැබීය.

2007 වසරේ ෆේස්බුක් මඟින් මිතුරු වූ කාන්තා­වක් දූෂ­ණය කළ බවට මැණික් ව්‍යාපා­රි­ක­යාට එරෙ­හිව ඇති පැමි­ණිල්ල කැඳවූ අව­ස්ථා­වේදී කොටුව පොලි­සිය විසින් එම සිද්ධි­යට අදාළ වෛද්‍ය වාර්තා කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා හමුවේ ගොනු කරනු ලැබීය. රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යැවූ වාර්තා මෙතෙක් ලැබී නැති බව පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.



මේ අව­ස්ථාවේ එම චෝද­නාව පිළි­ගන්නේ නැති බව චුදිත වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. ඒ අනුව නඩුව රස පරී­ක්ෂක වාර්තා සඳහා නඩුව ලබන ජූලි මස 31 යළි කැඳ­වන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළ අතර නඩුව කැඳවූ අව­ස්ථා­වේදී ඇප මත මුදා­හැර ඇති සැක­කාර දේවගේ ප්‍රියන්ත පුෂ්ප­කු­මාර යන අය විවෘත අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

(සුභා­ෂිණී සේනා­නා­යක)