ranil-good-news

මේ දිනවල රටපුරා පොස්ටර්, කටවුට් හා අන්තර්ජාල බැනර ඔස්සේ "ආරංචිය සුබයි" යනුවෙන් පළ කරමින් ගෙනයන ප්‍රචාරණය ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණය වෙනුවෙන් ආරම්භ කළ ප්‍රචාරක ව්‍යාපාරයේ එක් කොටසක් බව වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) රාත්‍රී ජාතිය අමතමින් මේ කියන 'සුබ ආරංචිය' ප්‍රකාශ කිරීමට නියමිතය.


 'මම රට බංකොලොත් භාවයෙන් මුදවාගත්තෙමි' යන්න එම ආරංචියයි.
ඒ සමගම ඔහු පවසන්නට යන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධනය වෙනසක් නොකර පවත්වායාමට අවශ්‍ය බවත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් නිවැරදි ආකාරයට ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය බවත් මේ නිසා තමාගේ 'ජනපති තනතුර දිගටම රැකදීම' අවශ්‍ය බවයි.

කොළඹ නගරය පුරා ‘ආරංචිය සුබයි’ යනුවෙන් සඳහන් දැන්වීම අලවා තිබූ අතර එම දැන්වීම් එජාපයේ නියෝජනය කරන කොළ පැහැයෙන් හා පොහොට්ටුවේ පැහැයන්ගෙන් සකේතවත් කර තිබෙන අයුරු හඳුනාගන්නට ලැබේ.

 ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පොදු අපේක්ෂකයා ලෙස ජනපති රනිල්
ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බවත් ඔහුට පොහොට්ටුවේ විශාල පිරිසකගේ සහායත් ,සජබයේ කොටසකගේ සහායත් ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කර තිබේ.



මෙම සහයෝගීතාවය නිරූපණය කිරීමට ඉදිරි දිනවල ඇමතිවරුන් ලෙස විශාල පිරිසක් රනිල් ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.