ranil-president

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද කොළඹදී සුබ මොහොතින් විවෘත කර තිබේ.
නව කාර්යාලය කොළඹ – මල් පාරේ පිහිටා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.




මෙම විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව තිබේ.
රනිල් වික්‍රමසිංහ ඊළග ජනපතිවරණයට තරග වදින බවට සැකයක් පසුගිය කාලයේ පැවති නමුත් මෙම විවෘත කිරීමත් සමග ඔහුගේ ජනපති තරග අභිලාෂ හෙළිව තිබේ.