ranil-statement-parliament

පුද්ගලයකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් කීවේය.



ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බවයි.එමෙන්ම ඔවුන් දේපළ බදුවලින් නිදහස් කරන බවත් ජනපති සඳහන් කළේය.
සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතික විය.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටලු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.