russian-army-sri-lanka

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් මහතා එකඟතාව පළ කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.බ්‍රික්ස් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා

සහභාගී වීමට රුසියාව බලා ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.



එහිදී රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳ මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සබ්රි මහතා රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.එම අවස්ථාවේදී ලබන 26-27 දෙදින පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමටත් ඒ පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමටත් දෙපාර්ශව එකඟ වූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.එසේම අමාත්‍යවරුන් අතර පැවැති හමුවේදී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික මෙහෙයුම් අංශ වලින් දෙරටේ සබඳතා පුළුල් කර ගැනීමට එකඟ වූ බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

 විමුක්ති එස්. රුද්‍රිගු